
(රංජන් කස්තුරි)
උපාධිධාරීන් රැකියා ගත කිරීම සම්බන්ධයෙන් මතුව තිබෙන ගැටලුව ගැටළුව පිළිබදව සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබාදෙන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව රැකියා විරහිත උපාධිධාරී ඒකාබද්ධ මධ්‍යස්ථානය සඳහන් කරයි.
දේශපාලන උත්සව පවත්වමින් පාර්ලිමේන්තුව රැස් කරමින් සහ හුදකලා ප්‍රදේශ විවෘත කරමින් ආණ්ඩුව වගකීම් විරහිතව කටයුතු කරමි සිටින අතර උපාධිධාරීන්ගේ ගැටලු සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබා නොදීම හාස්‍යජනක යැයිද රැකියා විරහිත උපාධිධාරී ඒකාබද්ධ මධ්‍යස්ථානයේ කැඳවුම්කරු මහේෂ් අඹේපිටිය මහතා පැවසීය.
2020 වසරේ සිට උපාධිය සමත් පිරිසකට රැකියා ලබාදීම සඳහා නිශ්චිත ක්‍රමවේදයක් සකස් කිරීම, උපාධිධාරීන් 60000 රැකියාගත කිරීමේ දී මතු වූ ගැටලුව ගැන සාකච්ඡාවක් අවශ්‍ය බවද අඹේපිටිය මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනාධිපතිවරයා හැටියට ලංකාවේ සියලුම ගැටලු විසදුවට පස්සේ අන්තිමටම විසදන්න ඕනෑ ගැටළුවක් තමයි මේක. මෙයාලා නිකන් පිනට කාලා ඉන්න රස්සා තමයි ඉල්ලන්නේ...
අතිගරු ජනාධිපති තුමා ආර්ථිකය ගැන සැබවින්ම හිතනවානම් දැන්වත් රජයේ වියදම් අඩු කිරීමට කටයුතු කලයුතුය. දැන් රජයේ සේවකයින් අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩියෙනුත් ඉන්නවා. උපාධිධාරීන්ට රස්සා නැත්නම් පුද්ගලික අංශයේ රස්සා හොයාගන්න කියමු. මුන්ට පින්පඩි ගන්න රජයේ රස්සා දීල තවත් රට ණය කරන්න එපා. 700,000 ක්ව පැවතී රාජ්‍ය සේවය 1,400,000 කලේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව. චන්ද බලාගෙන රස්සා දෙන එක දැන්වත් රටගැන හිතල නවත්වන්න.
ඡන්දයක් ලං වදේදි බලමු දැන් පඩි ගවෙනන විදියක් නැ කොරෙෝනා
ජනාධිපතිතුමනි, මේ උදවියට පිනට රජයේ රැකියා දෙන්න එපා. සුදුසුකම අනුව පුරප්පාඩුවලට තරග විභාගයකින් බදවා ගන්න. බාහිර උපාධි කියලා දෙන බොරු උපාධි කඩ නවත්තන්න.
රටේ රැකියා බිහි කිරීමේ එක් මාර්ගයක් නම්, රටට විදේශීය ආයෝජන ගලා ඒමට සැලැස්වීමයි. නමුත්, මේ උදවිය එවැනි දේටත් විරුද්ධයි.
ඇත්තටම මේ පිරිස මුළු රටටම සාපයක්... රජයේ මුදළින් ඉගෙන ගෙන උපාධියත් රජයේ මුදළින්ම අරගෙන රජයෙන්ම රස්සා ඉල්ලනවා.. කොහොමද මේ රට ගොඩගන්නේ? සියල්ල රජයෙන් කරන කම් බලන් ඉන්න මිනිස්සු ඉන්න රටකට කවදාවත් ඉදිරි ගමනක් නැහැ. අපි රස්සාවක් කරන ගමන් වියදම් කරගෙන අදටත් ඉගෙන ගන්නේ... එහෙම කරන්නේ පවුලේ සියලු වගකීම් ඉටු කරන ගමන්... මොවුන්ට කිසිම හැකියාවක් තිබෙන උදවිය නෙමෙයි.. එහෙම තිබ්බානම් කවදාවත් රස්සා ඉල්ලගෙන මෙහෙම හිඟමනේ යන්න ඕනේ නැහැ.. අදටත් පත්තරේ බැලුවොත් රුපියල් පනස්දාහකට වැඩියෙන් ලැබෙන රස්සා ඕනෑතරම් තියෙනවා. ඒත් මේ මිනිස්සුන්ට ඕනේ රජයේ රස්සාවක් අරන් නිකන් ඉන්න.. කරුණාකරලා මේ මිනිස්සුන්ට රජයේ රස්සා දීලා අපි දුක් මහන්සි වෙලා ගෙවන බදුවලින් පඩි ගෙවන්න එපා..
මෙවැනි අපහසු අවස්තාවක රජයේ රස්සා ඉල්ලන අය දේශ ද්‍රෝහීන් ලෙස සලකන්න. රස්සා දෙන්න හදන අය ඊට වඩා දේශ ද්‍රෝහීන්. උපන් දවසේ ඉඳල මහජනයාගේ සල්ලි වලින් ඉගෙනගෙන මහජන මුදලින් උපාධිය අරන් මැරෙනකන් මට පඩි ගෙවපල්ලා කියල නේද කියන්නේ?. මැරුණට පස්සෙ යැපෙන්නන්ටත් ගෙවන්නේ මහජනයා. මේවා තේරුම් ගනිල්ලා. රටට ණය කාරයින් වෙන්න එපා.
හරියට හරි අතුල. ඔබට තේරෙන දේ පාලකයින්ට තේරෙන්නේ නෑ. අප හැමගේ අවාසනාව.
ජනාධිපති තියා මහසක්කරයාවත් හම්බවෙන්න එළියට බහින්න කාලයක්ද මේක?
රැකියා ඕනෙම නම් ඉතාලියට එන්න. මෙහෙ ඕන තරම් රැකියා තියෙනවා. ඔබගේ නෑයෙක් හෝ ඉතාලියේ නීත්‍යානුකූලව වැඩ කරන මිතුරන් ඇත්නම් ඔවුන්ට ඔබව නීත්‍යානුකූලව එරටට ගෙන්වා ගන්න පුලුවන්.
පිනට රැකියා දියයුතු නැහැ. සියළු උපාධි සැකසී ඇත්තේද රැකියා සඳහාම නොවේ. උපාධියක් ගත් පමණින් සියල්ල දත් කෙනෙකු හෝ පරිපූර්ණ අයකු වන්නේත් නැහැ. උපාධිය නිසා දැනුම තිබේවි... ඒ්ත් සුදුස්සකු වීම සඳහා දැනුම සමගම කුසලතා හා ආකල්පත් වර්ධනය විය යුතුය. බුද්ධි පරීක්ෂණ හා අවබෝධය ප්‍රශ්ණ පත්‍රයක් සහිත තරග විභාගයකට ඉදිරිපත් කළ විට සාපේක්ෂව දක්ෂයන් තෝරාගත හැකිය. මූලික සුදුසුකම උපාධිය වන වැදගත් රජයේ රැකියා අවශ්‍ය පමණට ඇති අතර තරඟ විභාගයකින් වඩාත් සුදුස්සන් තේරී පත්වේ. රාජ්‍ය සේවයේ කළමනාකරණ සේවා නිලධාරී තනතුර සඳහා බඳවා ගැනීමේ මූලික සුදුසුකම උසස් පෙළ පමණක් වන අතර මෙම විභාගය සඳහා බොහෝ උපාධිධාරීන්ද පෙනී සිටී. උපාධියක් ඇතත් නැතත් දක්ෂයන් තේරී පත්වන අතර උපාධියක් තිබුණත් නැතත් නුසුදුස්සන් අසමත් වේ. ඒ බැවින් කම්කරු නොවන සියළු රජයේ රැකියා සඳහා විභාග ක්‍රමයකින් සමත් වන්නන් පමණක් බඳවා ගැනීම සුදුසු වේ. අනෙක් අතට මූලික සුදුසුකම උපාධිය නොවී විභාග දෙපාර්තමේන්තුවේ විභාගයකින් සමත්ව රැකියාවේ නියුතු වූවන්ට තම උපාධිය වෙනුවෙන් අතිරේක ශ්‍රේණි උසස්වීමක් හෝ අතිරේක දීමනාවක් හෝ ලබා දීම දක්ෂතාවය අගය කිරීමක් වනු ඇත.
ඇඹ්ලිපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රජයේ රැකියාවක් සදහා අවශ්‍ය මූලික සුදුසුකම් වත් නොමැති මුදල් ගෙවා උපාධිය ලබා ගත් දෙදෙනෙකු අත්තනොමතික අයූරෙන් ජනාධිපති තුමන්ගේ උපාධිධාරී රැකියා 60000 පුහුණුව සඳහා අනුයුක්ත කර ඇත.