(විමුක්ති එස් රුද්‍රිගු)

නව යොවුන් වියේ පසුවන ගැහැණු ළමයින් ගැබ් ගැනීමේ සිදුවීම 2024 වසරට සාපේක්ෂව පසුගිය වසරේදී ඉහළ ගොස් ඇතැයි ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය පසුගියදා නිකුත් කළ නවතම දත්ත වාර්තාවේ දැක්වේ.

පසුගිය වසරේදී නව යොවුන් වියේ පසුවන ගැහැණු ළමයින් 79ක් ගැබ්ගෙන ඇති බවත් 2024 වසරේදී නව යොවුන් වියේ පසුවන ගැහැණු ළමයින් 53ක් ගැබ්ගෙන තිබූ බවත් එම වාර්තාවේ සඳහන් වේ. එසේම පසුගිය වසරේ වයස අවුරුදු 18ට අඩු ළමයින් විවාහ වීමේ සිදුවීම් 9 ක් වාර්තා වන බවත් එය 2024 වසරට සාපේක්ෂව ළමා විවාහවල පහළ යෑමක් බවත් එම වාර්තාවේ දැක්වේ. 2024 වසරේදී වයස අවුරුදු 18ට අඩු ළමයින් විවාහ වීමේ සිදුවීම් 14 ක් වාර්තා වී තිබූ බවද එහි සඳහන් වේ.

එසේම පසුගිය වසරේදී නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට මුදා හරින බව පවසමින් ළමයින්ට තර්ජනය කළ අවස්ථා 150 ක් වාර්තා වී තිබෙන බවද එම වාර්තාවේ දැක්වේ.