
(අංජුල මහික වීරරත්න)
" ෆෙරායි ලයිෂන් තියෙන කෙනෙක් එල්බෝඩ් කාරයන් සමඟ කාලය ගත කරන්නේ නැතැයි" හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
නැවත පාර්ලිමේන්තුවට පැමිණීමට අදහසක් තිබේදැයි මාධ්‍යවේදීන් පිරිසක් කළ විමසුමකට පිළිතුරු දෙමින් රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීය.
රනිල් නැවත පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිත යැයි පළවූ මාධ්‍ය වාර්තා උපුටා දක්වමින් මාධ්‍යවේදීන් රනිල් වික්‍රමසිංහ මහතාගෙන් මේ පැනය විමසූයේ කොළඹ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණු කාර්යාලයේ පැවති තරුණ නීතිවේදීන්ගේ හමුවකින් අනතුරුවයි.
එල් බෝඩ් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකු වීමේ කිසිම අදහසක් තමාට නැතැයි තමා එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට ද දැනුම් දුන්නේයැයි රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී සඳහන් කළේය.
රට බංකොලොත් වූ අවස්ථාවේදී තමා බාර ගත් අභියෝගය සාර්ථකව ඉටුකිරීම පිළිබඳව නිහතමානී සතුටක් තිබෙන බව පැවසූ හිටපු ජනාධිපතිවරයා ජනතාව විසින් රටේ වගකීම අලුත් කණ්ඩායමකට පවරා ඇති හෙයින් එම කණ්ඩායම පැවරුණු වගකීම් නිසි පරිදි ඉටු කළ යුතුව තිබෙන්නේ යැයි සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වැඩකට නැති පාලනය රනිල් ජනාධිපති ධුරයෙන් රට හැර යන විට බිලියන 6 ක් වූ අත්‍යවශ්‍ය විදේශ සංචිතය වියදම් කර ඇත. දැන්, ඔවුන් වෙනත් අරමුණු සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 0.3 ක් භාවිතා කර ඇති බව පෙනේ. අද වන විට ඉතිරි මුදල ඇමරිකානු ඩොලර් 5.7 ට ආසන්නයි. ට්‍රම්ප් දැන් IMF සහ ලෝක බැංකුවට ණය දෙන්නෙකු වීම නැවැත්වීමට උත්සාහ කරන බැවින් AKD පාලනය ඇමරිකා එක්සත් ජනපදය සමඟ රාජ්‍ය තාන්ත්‍රිකව කටයුතු නොකළහොත් විශාල තර්ජනයක් පවතී. AKD මේ ආකාරයෙන් කටයුතු නොකළහොත්, අපට අවිනිශ්චිතව පෝලිමේ සිටීමට සිදුවනු ඇත. කොමියුනිස්ට් හෝ NPP ආධාරකරුවෙකු වීමෙන් තවදුරටත් රට බේරා ගත නොහැක. AKD සහ වැඩකට නැති කල්ලිය රනිල්ගෙන් බොහෝ දේ ඉගෙන ගත යුතුය.
පස්ස දොරෙන් ආවොත් මිසක්, මහජන ඡන්දෙන් නම් මේ කපේට පාර්ලිමේන්තු එන්න බෑ.
හැම රටකම ඉන්නවා. ඒ රටේ අවසනාවට ඉපදෙන මිනිස්සු. ඒ අයගෙන් වෙන හොඳට වඩා නරක වැඩී. එවැනි පුද්ගලයන්ට යම් බලයකුත් ලැබුණම වෙන විනාශේ. ඒ ලැබුණ බලයට හා රටේ බලය අනුව අඩු වැඩි වෙනවා. හොඳම උදාහරණයක් තමයි යුරෝපයේ ප්‍රබල රටක් වන ජර්මනියේ ඇඩොල්ෆ්.
අසේල මහත්මයා දැන්වත් බත් ටිකක් කන්න පුරුදු වෙන්න.
මේ වගේ මෝඩ අපතයෙක් ලංකාවේ නැතුව ඇති. ජනතාවගේ බදු සල්ලි බිලියන ගණන් විනාශ වෙනවා බලාගෙන හිටියා.
රවී අස්වෙන්න බෑ කිව්වලු.
මාරු ෆෙරාරි ලයිසන්කාරය , පොඩ්ඩක් හොයල බලන්න මිනිහගේ යහපාලන කාලේදී කිසිම ලෝක අර්බුදයක්වත් නැතිව රුපියල්ට මොකද උනේ කියල ? ඒ කාලේ තමයි රටේ ආර්ථිකය කඩා වැටෙන්න පටන් ගත්තේ.
ලංකාවේ තරම් මෝඩ පණ්ඩිතයෝ ලෝකයේ කොහෙවත් නැතිව ඇති . මොවුන් ලෝකයේ රටවල් කියක් තියෙනවද කියලවත් නොදන්නා මෝඩ ඒ වගේම උපන්ගෙයි කුහකයින්ට රනිල් එක්ක ඇරියස් එකක් තියෙනවා . මේ මිනිස්සු තමන්ගේ බුද්ධියෙන් නෙවෙයි අනුන්ගේ බුද්ධියෙන් හිතන උන්. ගැලරි ටෝක් ශේක්ස්ෆියර්ගේ නිර්මාණ කියල හිතාගෙන හුරේ දානවට වඩා යමක් මේ මිනිස්සුන්ගෙන් බලාපොරොත්තු වෙන්න පුලුවනිද ?
අධිමාන්නය කියන්නේ ඕකට. මෙයා කරපු කෙං ගෙඩියක් නෑ . අයිඑම්එෆ් එක කියපු විදියට වැඩ කළා. එයාල සියල්ල සැලසුම් කළා. මෙයාලට කිව්වා මේව ක්‍රියාත්මක කරන්න කියලා. එච්චරයි. මෙයා පාර්ලිමේන්තු ඇවිත් අවුරුදු 40 වුණා. මෙච්චර කල් මොකද කළේ.. මේ ආණ්ඩුවටත් තියෙන්නේ ඒක තවදුරටත් ඉදිරියට ගෙන යන්න. එහෙම නැතුව බැහැ .
මෙයා හිතාගෙන ඉන්නේ මෙයා තමයි ලංකාවේ බුද්ධිමත්ම කියලා. පුළුවන් තරම් හොරකම් කරලා, හොරු රැකලා ගියා. ලැජ්ජ නැද්ද මන්දා පම්පෝරි ගහන්නේ?
ශ්රී ලංකා දේශපාලනයේ අවසන් ප්‍රභූ පුරුක වන මෙතුමා සතු සදය උපහාසය, තැනට සුදුසු පිළිතුරු සැනෙකින් දීමේ හැකියාව තේරුම් ගැනීමට සමතෙක් ආණ්ඩු පක්ෂ බාල බොළඳ මැති ඇමැත්තන් අතර නම් නැහැ.
ලයිසන් තියෙන එවුන් ඕන තරම් ෆෙරාරි කුඩු කරගෙන හාන්සිවෙන වෙලාවල් අනන්තයි, අප්‍රමාණයි. ඒක හින්ද එල්බෝඩ් කට්ටියත් එක්ක පරිස්සමට, හිමිං ගියහම ඇති. කොහොමත් දශක හතක් තිස්සේ රටට කෙළවපු විදිහ එක රැයින් හරවනවා බොරු. දැන්වත් හරි පීල්ලට වැටුනොත්, තව දශකයකින්වත් යම් තරමකට ඔළුව උස්සගන්න පුළුවන්වේවි.
මුන් ෆෙරාරි කියන්නේ ගොන් කරත්ත වලට, මැරෙන්න ලංවෙලා හිටපු එවුන්ට සලකා ගෙන, උන්ගේ වතුර බිල්, ලයිට් බිල් ගෙවා ගෙවා රකින එක රට අවුලෙන් ගොඩ ගැනීම වේ. නිකමට කිව්වේ, බත් කන එවුන්ට. නැත්තම් ඉතින් ඤානා අක්කල වත් වෙලා ඉපදෙන්න ඕන මුන් රට කරන කාලෙට ජිවත් වෙන්න.
අවුරුදු 45 පමණ බලයේ හිටියා රට ගියේ ඉදිරියට නොවෙයි.රටේ දරුවන්ගේ මන්ද පෝෂණයෙන් පෙලෙන එක විතරයි කළේ. දරුවන්ගේ අතපය කෝටු කෑලි වගේ.
මේ මනුස්සයට තවමත් තේරෙන්නේ නැහැ රට බංකොලොත් වුනේ ණයට ෆෙරාරි පදින්ට ගිහින් කියලා.
ඔය ලැයිසන් කතාව නිසා ඔය ලයිසන් එකකට රත්නපුරෙත් නෑ... කොළඹත් නැ. දැන් අතරමං වෙලා ඉන්නේ ඔය වගේම...!
කවමදාකවත්, ෆෙරාරි තියා යතුරුපැදි ලයිසන් එකක්වත් තිබුනේ නෑ. ලයිසමක් තියෙන්න ජනතාව ලයිසන් දෙන්න එපැයි? හොර පාරෙන් ටෙම්පරියක් කරලා, කොහොමද දෙන ටෝක් වල සයිස් එක...!
ඊස්ටර් ඇටෑක් එක වෙද්දීත් ෆෙරාරි ලයිසන් තිබ්බාද?
රෙදි ඇදන්ද එන්නේ ආයෙත්
ඡන්දෙකින් ජනාධිපති උනානම් තව කොහෙද. හොරු 134 දෙනෙකුගෙ පිනාධිපති. ලොකු ටෝක්.
පාර්ලිමේන්තුවේ නොවේ රටෙත් නොඉද පලාගියොත් හොදයි කපටි රජා
ලංකාවේ ඉන්න තක්කඩිම දේශපාලකයා
ෆෙරාරි ලයිසන් කාරයා ගියා වේගය නිා රට නිල වශයෙන් බංකොලොත් වුනා
ලංකාවේ වැඩකට නැතිම හාදයා
දූෂිත පව්ල් පාලනේ අය රනිල්ට රට බාර දුන්නා කියලා දන්නෝ හොඳා කාරවම දනිති. රටේ කී පාරක් අගමැති වුණාද? මහ බැන්කු බැන්දුම්කර හොරාට පැනලා යන්න ඉඩ දුන්නා. එල් බෝඩ් කාරයින්ගෙනුත් ඉගෙන ගන්න හුඟාක් දේවල් තියෙනවා. පළපුරුදු කපටි කෛරාටික, බලලෝබි බඩගෝස්තරවාදි, දූෂිත දේශපාලුවෝ කරලා තියෙන දේවල් ලෝකෙම දන්නවා.
හීනමාන මාලිමාවුන් කුපිත වෙලා. හිනා යනවා... ඔවුන්ගේ මොට්ට බැන වැදීම් කියවලා. යකෝ එක මන්ත්‍රී ධුරයක් නැතිව රනිල් ජනාධිපති වෙලා කරපු දෙයින් අංශුවක් 2/3 සහ විධායක ජනාධිපතිකමක් තිබිලත් කරගන්න මේ මාලිමාවුන්ට බැහැ. ඔවුන් දන්නේ වියදම් කරන්න මිසක් උපයන්න නෙවෙයි.
තව ටික කාලෙකින් සිරකරු අංක " 001" කියලා තමයි කකා තරන්න වෙන්නේ... නාස්තිකාර කඩාකප්පල්කාර විනාසකාරයින්..
සීයා ඉතින් දේශපාලනය කරලා ෆේල් වෙවී ගිය එකානේ. ඒකනේ මැතිවරණයකින් බලයට පත්වෙන්න බැරි වුණේ..ඔයාගේ නාකි දේශපාලන ක්‍රමය දැන් මේ රටට කොහෙත්ම ගැලපෙන්නේ නැ….මාලිමා ආණ්ඩුව රටේ සම්පත් විකුණන ක්‍රමයක් නැහැ,ණයට කන ක්‍රමයකුත් නෑ . ණයට අරගෙන හොරා කන විදිහකුත් ක්‍රමයකුත් නැහැ..
දැන් පිනක් දහමක් කරන් ඉන්න කාලේ හරි
ෆෙරායි ලයිසන් නෙමේ තියෙන්නෙ කොන්ද පනනැති හිඟන ලයිසන් එකක් එල් බෝඩ් වුණාට කොහොමද වැඩ..? අව්රුදු 75 කාලකන්නි පමිට් වගේද මුල ඉඳලා ඉගෙන ගන්න ග්‍රාමසේවක තනතුරක් අරන් කොන්ද කෙලින් තියන් වැඩ පටන් ගන්නේ.. එතැනින් අන්ධයෙක්, බීරෙක් වගේ තමයි කට්ටිය වැඩ කෙරුවේ හිතුවේ නැහැ. හොරාකාපුවා, සැප විඳපුවා ජනතා මුදලින් එවා එළිවෙයි කියලා හිතුවේ නැහැ... අනුරට මේ ටික කාලෙට ජරපුවට ගෝල්ඩන් රිවෝඩ්ස් දෙන්න ඕනෑ. ඔන්න ජනපතිවරු මේ නිකම් ටයි කෝට් දාගෙන යස් නෝ කියනවා රට හොරාකනවා... තැන්පත් මුදල් බෙදා ගන්නවා. රට සවාරි යනවා. මහා එකා නිකමෙක් වගේ බලන් ඉන්නවා...
දැනුමක් නැති අයෙක්ට බලයක් දුන්නාම දුප්පත් මගියා මහ මගට වැටෙනවා
සාමාන්‍යයෙං නිරහංකාර වයසට ගිය වැඩ දන්න නියම ෆෙරාරි ලැයිසං කාරයෝ නං අපි දැකලා තීන්නෙම පුරුදු නැති උංට කියලා දෙන්න තමං හරි හම්බ කරපු දේපලත් වියදං කරගෙන වැඩ කරනවා. උද්දච්ච කම ගැන කියද්දි මෙයාව පෙන්නන්න. පට්ට සවුත්තු ආකල්ප මෙයාට තියන්නේ. මං ඇත්තටම මෙයා මෙහෙමම සවුත්තු ඇති කියලා හිතලා වත් නෑ. කොල්ලුපිටි රෝයල් පොරක් ඒම කෝමද මංදා?
ආයේ නාවත් කම් නැහැ ඉතින්...
ෆෙරාරි වලට කියලා වෙනම ලයිසන් නැහැ මුත්තේ…! අනික දවසක ෆෙරාරි පදින්නෙත් දවසක එල් බෝඩ් ගහගෙන ගියපු අයම තමයි…!
තමුන්ගෙ ෆෙරාරි ලයිසන් එකෙන් රට ජනතාවට වුණ අනතුරු ගාණ දන්නවාද ෆෙරාරි පැදපු එක තමයි කෙරුවේ. ජනතාවට ගින්දර දෙමින් රටේ ප්‍රදාන ආයතන කීයක් අනතුරේ ද මේ සෙවල කතා කියන්නේ ෆේරාරි ලයිසන් තියන් ගොනුන්ගෙ කරත්තෙට හපන් අනුරගේ වයසයි නාකිමයිනගෙයි නාකි රනිල්ගේ වයසයි බලන කොට ලැජ්ජාවෙන්න ඕන අනුරට තියෙන්නේ. තියුණු ඇසක් අනුකම්පා සහගත හදවතක් කිසිම දේකට ආසාවක් මලපෙරේත කමක් නැහැ. එල්බෝඩ් තියන් රිම් එකෙන් යනකොට අනුර රට ලස්සනයි. මිනිස්සුත් ලස්සනයි හිඟන පාටක් නැහැ.
ඔව් හොරු හොරු එක්කම තමයි ලඟින්නේ දැන් ආවොත් තිබුණ සැප නෑනේ.
මේ අයගෙන් නිදහස් වෙන්නේ කවද්ද අප්පා...?
රනිල්ගේ වචන දහය නිසා මාලිමාවේ පිටරටවල්වල ඉන්න සේදුම් බලකායට හොඳටම රිදිලා බව පේනවා. රනිල් ආවේ නැත්නම් ඔවුන්ගේ ලංකාවේ ඉන්න අය මියැදෙන්නේ පෝලිම්වල බඩගින්නේ. දැන් අහයි රට බංකොලොත් කලේ කවුද කියලා. රනිල් රට බංකොලොත් කළා කියනවා නම් 87-89 කාලේ බිලියන ගාණක දේපල විනාශ කරපුවා ගැන මොනවද කියන්න තියෙන්නේ...?
87-89 කාලවල අසරණ ළමයින්ට වද දී ඝාතනය කළ අයව එල්ලුම් ගස් යවා සිටින්න.
දුප්පත් ජනතාවගේ සල්ලි දේශපාලකයන්ට වන්දි ලෙස ගෙව්ව ආර්ථිකය ශක්තිමත් කළේ මහබැංකුව. එය ඔවුන්ගේ වගකීම... ඔහේ කළේ බදු පැනවීමට... ජනතාව හාමතේ තබා එඩිතරව ඉදිරිපත් වීමයි. ශ්‍රී ලන්කන් කබීර් ඇමතිතුමා ඇහුවේ... අපි නොවේ...
විජය සමග පැමිණි ලක්ෂ 22 මෙතුමා සමග සිට ගත්තු පාරම්පරික සාහසික හොරු...
මූ ෆෙරාරි පැද්ද පැදිල්ලට, ලංකාවේ චැසියත් බොල් උනා