
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
හලාවත මහ රෝහල නැවත දැනුම් දෙන තුරු වසා ඇතැයි රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුමිත් අත්තනායක මහතා අද (01) පැවසීය.
රෝහල් අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් පැවසූයේ මේ වන විටත් රෝහල ජලයෙන් යටවි ඇති බවයි.
එමෙන්ම පැවති මහ වැසි හා ගලා ආ දැවැන්ත ජල කදත් සමග රෝහලේ අඩි පහකට වැඩි ජලකදකින් පිරි ගිය බවත් ඇතැම් ස්ථාන වල අඩි හතකට ආසන්න ජලයකින් වාට්ටු පිරි යාමත් සමඟ බරපතල ගැටළු රැසකට මුහුණ දීමට සිදුවු බව ද පැවසීය.
රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබා ගනිමින් සිටි අසාධ්‍ය රෝගීන් ගුවන් හමුදා හෙලිකෝප්ටර් යානා මගින් කොළඹ හා පුත්තලම රෝහල් වෙත පිටත් කර යැවු බවත් ඒ සමග අනෙක් රෝගීන් ගංවතුර මට්ටම යම් තරමින් පහව යාමත් සමග නාවික හමුදාව හා යුද හමුදා මැදිහත් විමේන් වාරියපොල හා කුරුණෑගල රෝහල් වෙත යැවිමට කටයුතු කළ බවද පවසන්නට විය.
ජලයෙන් පිරි යාමත් සමග රෝහලේ සිටී ස්කෑන් යන්ත්‍රයට පවා හානි සිදුව ඇති බවත් සමස්ථ රෝහලට රුපියල් බිලියන ගණනක අලාභයක් වෛද්‍ය උපකරණ වලට පමණක් සිදුව ඇති බව පවසන්නට විය.
රෝහල් අධ්‍යක්ෂකවරයා වැඩි දුරටත් පවසා සිටියෙ රෝහල නැවත යථා තත්වයට පත් කිරීමේන් පසු විවෘත කිරීමට හැකියාවක් ඇති බවත් ඒ සදහා දින වකවානුවක් පැවසිය නොහැකි බවත්ය. නැවත දැනුම් දෙන තුරු කිසිදු රෝගීයකු හලාවත මහ රෝහලට රැගෙන ඒමෙන් වලකින ලෙසද ඔහු පැවසීය.



2025 නොවැම්බර් මස 21
291
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
321
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1249
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
යළි දැනුම් දෙනතුරු හලාවත මහ රෝහල වසා දමයි