
(ඩයනා උදයංගනී)
ඉදිරි යල කන්නයේදී ගොවීන්ට ලබාදීම සඳහා දේශීයව නිෂ්පාදනය කරන පරිසර හිතකාමී කාබනික පොහොර රජයේ පොහොර සමාගම් දෙක මගින් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත.
කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල් විසින් වී වගාව සඳහා සකස් කරනු ලබන පරිසර හිතකාමී පොහොර නිර්දේශ සැලකිල්ලට ගනිමින් මෙම පොහොර මිලදී ගැනීමට නියමිතය.
පොහොර සහනාධාර වැඩසටහන යටතේ වෙන් කර ඇති ප්‍රතිපාදන භාවිතයට ගෙන මෙම මිලදී ගැනීම් කිරීමටත් අනුමැතිය හිමිව තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරුණාකරල දේශීය සමාගම්වලින් නිෂ්පාදනය කරන පොහොරවලත් මොනව තියෙනවද දන්නෙ නෑ. ඒගැනත් හොයල බලන්න කියලයි ගොවියොනම් කියන්නෙ. අනිත් කාරණය තමයි කාබනික පොහොර විතරක් දාල ගොවිතැන් කරන්න බෑ කියලයි. බලධාරීන් හිතුවක්කාරී තීරණ දිගින් දිගටම ගැනීමෙන් කෘෂිකර්මාන්තය අනතුරට ලක්වේවි කියලත් ගොවීන් කියනව.
ගොවියන්ට හොඳ කලක්
අමාරුවෙන් හරි මේ කාබනික ප්‍රතිපත්තිය හරියට කරගත්තොත් යුද්ධය අවසන් කරාට වඩා රටට ලොකු දිනුමක් වෙයි.
ගෑස් වලට ප්‍රමිතියක් නැති රටේ, පෝර වලට මොන ප්‍රමිති ද. ලැට් වලක් ගොඩ දාලා කාබනික ලේබලෙන් බෙදලා දෙයි. පස්සේ වගා පාලු උනාම ගොවියන්ට දෙස් තියයි.
රටටම අවශ්‍ය කාබනික පොහොර රට තුළම නිෂ්පාදනය කර ගත යුතුයි . එවිටයි මේ ව්‍යාපෘතියේ නියම ඵල නෙළා ගත් හැකිවන්නේ . කාලයත් සමඟ සියලු දෙනා මෙයට අනුගත වේවි. එය අපේ රටට විතරක් නොව මේ මහ පොළොවටම කරන හොඳක්.
පරිසර හිතකාමී කාබනික පොහොර විකිණීමට 0760924968
යල කන්නෙත් යකාට
හොඳ වැඩක්,ජය වේවා
කෘෂිකර්මාන්තයම විනාශයි
අත්නොහැර ඉදිරියටම කරගෙන යායුතුයි.
ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙළ හොඳ දෙයක්... හැබැයි පිටරටින් කිසිම දෙයක් ගෙන්වන්න එපා. අපේ රටේ අපිට හදාගන්න බැරි දේවල් පමණක් විදේශවලින් ගෙන්වන්න. ජයවේවා!!!