(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ )
යහපාලන රජය කාලයේ දී රුපියල් කෝටි 1500 ක එතනෝල් ලීටර් දාහතර කෝටි තිස් ලක්ෂයක් ආනයනය කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
සමාගම් ගණනාවක් විසින් මෙම එතනෝල් ගෙන්වා ඇතැයි ද එයින් සියයට පනහක් ගෙන්වා ඇත්තේ සමාගම් තුනක් බවද කබ්රාල් මහතා කීය.
චීනය, ප්‍රංශය ,ජර්මනිය, කැනඩාව,ඕස්ට්‍රේලියාව,ස්විට්සර්ලන්තය යන රටවලින් මේ එතනෝල් ගෙන්වා ඇතැයි ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය .
පොදුජන පෙරමුණේ පත්කළ මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව හෙළි කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේද කියන්නේ ? ඊට කලින් ගෙනල්ලාම නැහැ වගේ. කුරුණෑගල පැත්තේ ඇමතියෙකුටත් නමට මුලින් ඔය නම කියනවා.
යහපාලන කාලයේ වුනත් වැඩිපුරම එතනෝල් ගෙනාවේ කුරුණෑගල සහ මාතලේ පැතිවල වර්තමාන රජයට සම්බන්ධ දෙන්නෙක් කියලයි අපට මතක...
මේ වගේ අයත් පාර්ලිමේන්තුවේ ඉන්නවනේ..
යහපාලනේට කලින් නම් එතනෝල් විතරක් නෙවෙයි කුඩු ජාවාරමත් සෑහෙන්න නැගලා ගියා.. කුඩු නාළිකාවක් ගැනත් කියන්නේ.., අනේ මන්දා අහලා නැතුවා වාගේ...
එතනෝල් රජාට මේ ආණ්ඩුවෙන් බදු සහනත් දුන්නා. සියලු බදු නඩුවලින් නිදොස්කොට නිදහස් කළා. එයා මේ ආණ්ඩුවේ ප්‍රබලයෙක්...
මේ ඇවිල්ලා තව රාජපක්ෂ වහලෙක්... ග්‍රීක් බොන්ඩ්වල සල්ලි දැම්මා. නාමල් එක්ක රට රටවල සවාරි ගැහුවා... පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා ලංකාවට ගේන්න කියලා.. හැම ක්‍රියාවකින්ම මේ දුප්පත් රට විනාශ කළ යොධයෙක්..