(අජන්ත කුමාර අගලකඩ)
යහපාලන ආණ්ඩුව ජිනීවා මානව හිමිකම් කොමිසන් සභාව සමඟ එකඟතාවයකට පැමිණි 30/1 සහ 40/1 යන යෝජනා දෙකෙන් වහාම ඉවත්වීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදි අද (19) රාත්‍රීයේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමට ඒ සඳහා වන යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවේ විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසිනි.
ජිනීවා මානව හිමිකම් යෝජනා දෙක ඉවත් කිරීම පිළිබඳ විදේශ කටයුතු අමාත්‍ය දිනේශ් ගුණවර්ධන මහතා හෙට (20) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක්ද සිදුකිරීමට නියමිතව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම සන්තෝසයි. දැන් අපි අපේ ප්‍රශ්න ඉවරවී, සෞභාග්‍ය පිරි ඉතිරේවි. රජයක් විදියට ලෝකයේ සම්මත නීති රීති සහ ඒ රාමුවෙන් පිට වී ඉන්න කාටවත් ඉන්න පුළුවන් හැබැයි ඒවා ට යම් පිරිවැයක් දරන්න වෙනවා. බුරුමය, ඉරානය සහ සිම්බාබ්වේ වැනි රජයන්ට වූනේ ඒකයි. ඔහොම යං. ඔහොම යං. ආයෙත් ලෝකෙම තරහ කරගන්න හදන්නේ. කන්ද වත් නැතිවෙන දවස් ළඟ එනවා.
රටේ තියෙන ප්‍රශ්න මදිවට සම්බාධක පැනවුවොත්...."දැන් සැපද" කියලා අහන අයත් ඉඳීවි.
මේවා ඉතින් ඉස්සරහට එන ඡන්දෙ වෙනුවෙන් කරන දේවල් කියන්න අමුතුවෙන් ඕනි නැ.
කොන්ද පන තියෙන සියලු දෙනා බලාපොරොත්තු වුනු බටහිරට ගැති නැති නායකත්වය.
සම්බාදක දාපු දවසට ජයසේකරගේ කොන්ද පන තියේවිද?
සම්බාදක තාම දැම්මේ නැහැනේ. මෙතන ඒක නොවේ බලන්න ඕන. ස්වෛරී රාජ්‍යක් විදියට කියන කියන එකට නැමෙන ප්‍රතිපත්තිය බැහැර වෙලා රටක් වශයෙන් තීන්දු තීරන ගන්න එක ගැන.
නරියට මිදිවැල එල්ලලා තියනවා වගේ.
සමන්ත, ඔයාගේ බඩ පෙරට. රට දෙකට. පුදුම මිනිස්සු.