
( තිළිණි ද සිල්වා )
මැණිකේ මගේ හිතේ ප්රතිනිර්මාණ ගිතය නිසා ලොව පුරා මිලියන 130 කට අධික ප්‍රේක්ෂක හදවත් දිනාගත් යොවුන් ගායිකා යොහානි සිල්වා ඉන්දියාවේ හර්යානා හී ගුරුග්‍රාම්හිදී පැවැත්වූ පළමු ප්‍රසංගයට ඉන්දීය රසිකයින් ගෙන් උණුසුම් ප්‍රතිචාර ලැබී ඇතැයි වාර්තා වේ.
ඇයගේ පළමු ප්‍රසංගය ගුරුග්‍රෑම් ස්ටූඩියෝ එක්ස ඔ හි ඊයේ (30) පස්වරු 06 ට පැවති අතර මෙරට යොවුන් පරපුරේ සංගීත කණ්ඩායමක් වන '' ලුනු මියුසික් '' සංගීත කණ්ඩයම සංගීතය ලබා දෙමින් යොහානිට වේදිකාවේදී සහාය දැක්වීය.
ශ්‍රී ලාංකික ප්‍රේක්ශකයන් ඉදිරියේ ඉන්දියානු ගායක ගායිකාවන් ගීත ගායනා කිරීම අපට ඉතා හුරුපුරුදු දෙයක් වන නමුත්, ශ්‍රී ලාංකික ගායකෙකුට හෝ ගායිකාවකට දහස් ගණන් ඉන්දීය ප්‍රේක්ෂකයන් ඉදිරියේ ප්‍රසංගයක් ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබී තිබෙන්නේ පළමුවරටය.
ඇයගේ ප්‍රථම ඉන්දීය සංචාරය වෙනුවෙන් එරට ගුවන් විදුලි නාලිකාවක් වන රෙඩ් එෆ්.එම් නාලිකාවේ සම්මුඛ සාකච්ඡාවක් සදහාද ඇය සහභාගී වූයේය සියලුම ප්‍රේක්ෂකයින්ට ස්තූතිය පළ කරමිනි.
ඔක්තෝබර් 03 වැනිදා පස්වරු 06 ට යොහානි හයිද්‍රාබාද් නගරයේදී ද තවත් ප්‍රසංගයක් පැවැත්වීමට නියමිතය.
මේ වනවිට ඉන්දියාව පුරා යොහානි උන්මාදයක් ඇතිව තිබෙන අතර මේ නිසා යොහානි ගේ වේදිකාව ඉදිරිපිට අතුරු-සිදුරු නොමැතිව ඉන්දීය ප්‍රේක්ෂකයන් රැස්වෙනු ඇතැයි ද පැවසේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුබපැතුම්
සුබ පැතුම්
සිංදු කියලා ආවට විතරක් මදි... ඩොලර් ටිකකුත් එකතු කරගෙන එන්න.
සුබ පැතුම්, භච්චන් මහත්තයාට ස්තුති කරන්න. ඔහු මේ ගීතය අගය කිරීමම ලොකු හේතුවක් වුණා විශාල ඉන්දීය ප්‍රතිචාරයක් එන්න..
යොහානි නැවත ලංකාවට එනකොට පිළිගන්න ගුවන්තොටුපොළට යවන්න ඕනේ දේශපාලකයින්ට පමණක් කඩේ යන අපේ ප්රබුද්ධ ප්‍රවීන ගුරුමුශ්ටි මාස්ටර්ලා ටික...
මෙච්චර ලෝකයක් ප්‍රශන්සා කරද්දි , තැගි දෙද්දි, අපේ රටේ එක කලාකාරයෙක් කිව්වද මුකුත්. නැහැ. තනිකරම ඊරිසියාව සහ කුහක කම. දේශපාලකයො ගැන කතා කරල කොහොමත් වැඩක් නැහැ. මොකද මේ ලමයගෙන් උන්ට කීයක්වත් හම්බ වෙන්නෙ නැහැනෙ.
යොහානි ජනප්‍රිය වෙන්න පටන්ගත් දිනවලදී සමගි ජන බලවේගයේ මන්ත්‍රී කෙනෙක් කිව්වා ඇයට පාර්ලිමේන්තුවේ උපහාරයක් කිරීම සුදුසුයී කියලා සමහරක් එවුන් එයට බලවත් විරෝධතා පාමින් අදහස් දක්වා තිබුනා නුමුත් ඉංදියාවෙදී ඉහළ පිලිගැනීම සුදුස්සාට තැන ලබා දීමයි
මම ඔබ ගැන අනාවැකි පළකලේ රූපවාහිණියෙන් ඔබ දුටු පළමු දිනයි. මම ගෙදර අය සමග කීවාට වැඩි දහස් ගණනක් ඉහළට මේ වනවිට ඔබ ගමන් කොට තිබෙනවා. ඇත්තටම ඔබ පෙර සංසාරේ කවර හෝ විශාල පින්කමක් කළ දියණියක්... ඒ නිසා මේ භවයේදී කිසිම ආකාරයකින් පාපයක් කරන්න එපා. ඔබ සංගීිතය පැත්තෙන් තව තවත් ඉදිරියට යන්න. දැන් ඔබ ජාතික නොව, ජාත්‍යන්තර කලාකාරිණියක්... ඔබට අවශ්‍ය නම් පුළුවන් ලංකාවේ කාලකන්නි දේශපාලකයින් රටේ සම්පත් විනාශ කරමින් ලෝකෙට වේච්ච ණය ටික වුණත් බේරා දෙන්න. ඔබ හැම දෙයක්ම තෝරලා බේරලා කරන්න. හොඳ දේ විතරක් කරන්න. ගීත වුණත් එහෙම තමයි. ලතා වල්පොල, ඇන්ජලින්, අමරදේව, එඩ්වඩ්, සනත් නන්දසිරි වැනි කලාකරුවන් අදටත් කලාව තුල විරාජමානයි. සල්ලි වලට බාල වැඩ කලේ නැහැ. දේශපාලන ගැටවලට අහුවුණෙත් නැහැ. හිත යට වෙන වෙනත් අදහස් තියාගෙන ඔබව විනාශ කරන්නත් පිරිසක් ඉදිරිපත් වේවි. මම ඔබට දෙන එකම අවවාදය කිසි දිනක ලංකාවේ දේශපාලනයට ප්‍රවිෂ්ඨ වෙන්න එපා. එසේ ආවොත් ඔබේ අනාගතය සුනේ සුන්. තීන්දු ගන්න කලින් ජීවිතේ හැමදෙයක් පිළිබඳවම දෙවරක් හිතන්න. ඔබට සුබ අනාගතයක්...
ඒ කාලේ ඔය ඉන්දියානු ශාස්ත්‍රීය සංගීතය හිස් මුදුනින් තියාගෙන කටයුතුකළ බොහොමයක් රාගධාරී සංගීත පොතේ ගුරාලා කරපු තරමක් කලේ නිදහස් සංගීත වේදීන්ට හිස ඔසවන්නට ඉඩ නොදීමයි. ඔවුන්ගේ පළමු ගොදුර වුනේ සුනිල් ශාන්තයන්. ඔවුන්ගේ මොන නිර්මාණයක් අරන් බැලුවත් ඒවා ඇතුලේ රිංගවලා තිබෙන්නේ ඉන්දියානු රාග රටාවන්. ඉතින් මේ ළමයා ගැනත් ඔය ප්‍රබුද්ධයි කියාගන්න කට්ටිය හොඳක් නම් කවදාවත් කියාවි කියලා හිතන්න බැහැ.
කටට බ්රේක් නැතුව නෝන්ජල් විදියට දේශපාලකයින්ට කඩේ ගිය ජැක්සන්ලාත් ඊර්ශ්‍යාවට මීක් කියන් නැතුව ඉන්නවා...
යොහානිට මගෙන් සුභ පැතුම් .මුළු ලෝකයටම ගී තරුවක් වේවා .ආණ්ඩුව ඩොලර් නැතුව ලතවෙමින් සිටින නිසා ඔබවත් ඩොලර් ටිකක් ගෙනත් අපේ සංක්‍රාම ගිණුමට බර කරන්න .එතකොටවත් මෙහෙ ආනයන හිග වීමේ රෝගය නැති වෙන්නේ නැතැයි
ලාංකිකයන්ගේ කකුලෙන් ඇදීමේ ගතිය පාරම්පරික උරුමයක්... ඔවුන් නිහඬව ඉන්නවා.