
(යොහාන් භාසුර)
ලොව පුරා ජනප්‍රිය වී සිටින යොවුන් ගායන ශිල්පිනී යොහානි ද සිල්වාගේ ‘මැණිකේ මාගේ හිතේ’ ප්‍රතිනිර්මාණ ගීතය’ යූටියුබ් සමාජ මාධ්‍ය ජලයේ නැරඹුම් වාර කෝටි 15 (මිලියන 150) අද (12) පසු කළේය.
‘මැණිකේ මාගේ හිතේ’ ගීතය අද පස්වරුව 4.00 වන විට නැඹුම්වාර 150,278,406 ක් වාර්තා කර තිබීම කැපී පෙනුණි.
ඇය මෙම ගීතය පසුගිය මැයි මස 22 වැනිදා ‘යූටියුබ්’ මාධ්‍ය ජාලයට මුදාහැර තිබූ අතර ඒ අනුව දින 132 ක් තුළ එම ගීතය නැරඹුම් වාර කෝටි 15 පසු කළේය.
ශ්‍රී ලාංකිකයකුගේ ගීතයකට ‘යූටියුබ්’හි මෙවැනි දැවැන්ත ප්‍රතිචාරයක් ලැබුණු පළමු අවස්ථාව මෙය වන අතර ඇයගේ ගීත ඉන්දියාව තුළ දැඩි ජනප්‍රියතාවක් ලැබීම මෙවැනි දැවැන්ත ‘යූටියුබ්’ නැරඹුම් වාර සංඛ්‍යාවක් වාර්තා වීමට හේතු වී තිබේ.
එම ජනප්‍රියතාවත් සමඟ යොහානිට ඉන්දියාවේ ප්‍රසංග දෙකක් පැවැත්වීමට මෙන්ම හින්දි චිත්‍රපට පසුබිම් ගායනයකට එකතු වීමට ද අවස්ථාව උදාවිය. ඇයට ඉන්දීය රූපවාහිනීයේ වඩාත් ජනප්‍රිය වැඩසටහනක් වන ‘බිල්බොස්’හිදී සුපිරි නළු සල්මන් ඛාන් මහතා සමඟ ගීතයක් ගායනා කිරීමේ අවස්ථාව ද පසුගියදා උදාවූවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රබුද්ධ ගුරුමුෂ්ටි මාස්ටර්ලා මේ දිනවල වැසිකිළි දොර වහගෙන හොරෙන්ම මැණිකේ සිංදුව මුමුණනවාලු ජාත්‍යන්තරේට යන්න තනුවක් අහුවෙන කල්...
මේක දැන් අහලාම එපාවෙලා...
යොහානි ගොඩ හැබැයි රට නම් වළපල්ලට. ජීවත් වීම අරගලයක් වෙච්ච රටක, සිංදුවක් ජනප්‍රිය වුනා කියලා මිනිස්සුන්ගේ බඩ කට පිරෙන්නෙ නෑනෙ!!!
දැන් නම් මේක ටිකක් ඇති වගේ