(සුජිත් හේවාජුලිගේ )
ජාතික යොවුන් සේනාංකය ආයතන දෙකකින් රුපියල් එක්කෝටි විසි හතර ලක්ෂයක මුදලක් අය කරගෙන නැතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.
ජාතික යොවුන් සේනාංකයේ පරිබාහිර ආයතනයක් වූ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ 2015 සිට 2021 දක්වා විදුලිය හා ජල පරිභෝජනයට සහ වරිපනම්වලට අදාළ රුපියල් කෝටියකට වැඩි මුදලක්ද වෙන්නප්පුව පුහුණු මධ්‍යස්ථානය ඉදිකිරීම සඳහා වැඩිපුර ගෙවා තිබූ රුපියල් ලක්ෂ 20ක මුදලක්ද මෙලෙස අයකර ගෙන නැතැයි එම වාර්තාවේ සඳහන්වේ.
මේ අතර ජාතික යොවුන් සේනාංකය සම්පත් සකසුරුවම්, කාර්යක්ෂම සහ ඵලදායී ලෙස අදාල නීති රීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර නොමැති බවද විගණන වාර්තාව සඳහන් කරයි.
ජාතික යොවුන් සේනාංකයට නව මධ්‍යස්ථාන දහයක් හා මධ්‍යස්ථානවල ගොඩනැගිලි ඒකක 21ක් ඉදිකිරීම සඳහා කොන්ත්‍රාත් විවෘත ටෙන්ඩර් ක්‍රියාවලියෙන් බැහැරව ලබාදී ඇතැයි පවසන එම වාර්තාව ඉදිකිරීම්වල අසාර්ථකත්වය හේතුවෙන් අමාත්‍ය මණ්ඩල තීරණය පරිදි මෙම ඉදිකිරීම් කොන්ත්‍රාත්තු අවලංගු කර තිබුණු බවද සඳහන් කරයි.
පසුගිය 2016 හා 2017 වර්ෂවලදී ලබාදී ඇති රුපියල් කෝටි දහයකට වැඩි වටිනා අත්තිකාරම් මුදලින් රුපියල් කෝටි තුනකට වැඩි වටිනා ඉදිකිරීම් කටයුතු අවලංගු කර වසර දෙකක් ගතවී තිබියදීත් ඒවා නිරවුල් කරවා ගැනීමට කටයුතු කර නොතිබූ බව ජාතික විගණන කාර්යාලය පවසයි.
ජාතික යොවුන් සේනාංකයේ ප්‍රධාන කාර්යාලයේ භාවිත වන වෙනත් අමාත්‍යාංශ හා ආයතන සතු රුපියල් කෝටි තුනකට වැඩි වටිනා වාහන අටක් මෙතෙක් සේනාංකයට පවරා ගෙන නැතැයි පවසන විගණන වාර්තාව සේනාංකයට පවරා ගත හැකි ඉඩම් හැට දෙකක් අතරින් පවරා ගෙන ඇත්තේ ඉඩම් 19ක් පමණක් බවද සඳහන් කරයි.
ඉඩම් හතළිස් තුනක් පවරා ගැනීමට කටයුතු කර නැතැයිද එහි දැක්වේ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි මේ ඒක පාර්ශවිකව මේවා පළ කරන්නේ? මේවට දීපු පිළිතුරු ඇයි පළ කරන්නෙ නැත්තෙ?