(අංජුල මහික වීරරත්න)

මෙවර යල කන්නයේ වී මිලදී ගැනීමට රුපියල් මිලියන 6000ක් වෙන්කර තිබෙන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවැසීය.

අමාත්‍යවරයා මේ බව කිවේ වී මෝල් හිමියන් සමඟ කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදීය.

රජය තීරණය කර තිබෙන මිල ගණන් වලට ගොවීන්ගෙන් වී මිලදී ගැනීමට තිබෙන බාධාවන් මොනවදැයි හඳුනාගන්නට උත්සාහ කරමින් සිටින බව කී අමාත්‍යවරයා ඒ සඳහා ව්‍යාපාරික ප්‍රජාවගේ සහයෝගය බලාපොරොත්තු වෙන බව කීය.

මෙහිදී අදහස් දක්වමින් කෘෂිකර්ම අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා කීවේ ඉදිරියේදී පොහොර මිලත් ඉන්ධන මිලත් අඩු වනු ඇති බවයි.