(අංජුල මහික වීරරත්න)
යාල වනෝද්‍යානයේදී වනසතුන්ට හිංසා වන පරිදි කටයුතු කළ පුද්ගලයින් පිරිසකට එරෙහිව නඩු පැවරීමට වනජීවී දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙි.
යාල වනෝද්‍යානයේදී වනසතුන්ට හිරිහැර වන පරිදි වාහනවලින් ගොස් හැසිරුණු මෙම පුද්ගලයින් සම්බන්ධව වහාම නීතිමය පියවර ගන්නා ලෙස කෘෂිකර්ම වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් දී ඇත.
ඒ අනුව එම පුද්ගලයින් පිළිබඳ සියලු තොරතුරු, ඔවුන්ගේ හැඳුනුම්පත් අංක, ලිපිනයන් හා වාහන අංක මෙන්ම අනිසි හැසිරීම් සනාථ කළ හැකි සියලු සාක්ෂි වනජීවී දෙපාර්තමේන්තුව සතුව පවතින බව අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව අදාල පුද්ගලයින් සියලු දෙනාට එරෙහිව නඩු පැවරීමට තීරණය කළ බව වනජීවී අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබන්ඩාර මහතා පැවසීය.
මෙම පුද්ගලයින් කිසිවෙක් විශේෂ අනුග්‍රහයක් යටතේ යාලට ගිය පිරිසක් නොවන අතර ඔවුන් සාමාන්‍ය සංචාරකයින් පිරිසක් බවද වනජීවී දෙපාර්තමේන්තුව පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කියන්නෙ විශේෂ අනුග්‍රහයක් ඇතුව ගියානම් නීතිය ක්‍රියාත්මක වෙන්නෙ නෑ කියන එක නේද.?
නීති විරෝධී වැඩක් කරන්න යනවානම් විශේෂ අනුගහ්‍රයක් අැතිව යා යුතුයි. එතකොට වැඩේ ශේප්...
ඇයි විශේෂ අනුග්‍රහයන් යටතේ යන අපතයින්ට සත්තුන්ට හිංසා පීඩා කරන්ඩ පුලුවන්ද. සත්තුන්ට, මිනිස්සුන්ට ඇතුලු කොයිම කෙනෙකුට උනත් හිංසා පීඩා කරනවනං ඒ අපතයින්ට දැඩි දඩුවම් දියයුතුයි.
යාල වනෝද්‍යානයට ඇතුල්වීමට අවසර ලබාදුන් නිලධාරියාට / නිලධාරීන්හට වැටුප් නොමැති දඩුවමක් සහ අතුල වූ සියලු වාහන අයිති කරුවන් හෝ රියදුරන් කවුරුන් හෝ වේවා. නීතිමගින් ක්‍රියාකර මෙවැනි සිදුවීම් යලිත් නොවීමට සෑම වාහනයකටම දඩයක් නියම කල යුතුවේ.
විශේෂ අනුග්‍රහයක් යන්නෙන් වහන්න හදන්නේ මේ හරක් රංචුව දේශපාලුවෙකුගේ පුතෙක් සහ යාලුවෝ කියන කොටස වහන්නද?