එක්සත් රාජධානිය ජනවාරි මස 31 වැනිදා යුරෝපා සංගමයෙන් ඉවත් කරගැනීම සඳහා අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ඉදිරිපත් කළ යෝජනාවට අද (20) අනුමැතිය හිමිවිය.
අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ඉදිරිපත් කළ යෝජනාවට පක්ෂව ඡන්ද 358ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 234ක් පමණි. ඒ අනුව වැඩි ඡන්ද 124කින් එක්සත් රාජධානිය යුරෝපා සංගමයෙන් ඉවත් කරගැනීමේ පනත් කෙටුම්පත සම්මත විය. බි්රතාන්ය අග්‍රාමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව ‘ඉවත් කරගැනීමේ ගිවිසුම’ ලෙසින් හැඳින්වේ. යෝජනාව සම්මත වීමත් සමඟ එරට පාර්ලිමේන්තුවේදී එය තවදුරටත් විමසා බැලෙනු ඇත.
අදාළ යෝජනාවට අනුව සංක්‍රාන්ති සමය දීර්ඝ කිරීම තහනම් කෙරෙන අතර එම සමයේදී එක්සත් රාජධානිය යුරෝපා සංගමයෙන් ඉවත්ව සිටියත් එම සංගමයේ නීති පිළිපදිනු ඇත. වසර 20-20 න් පසුවත් එක්සත් රාජධානිය, යුරෝපා සංගමයේ ඇතැම් නීති පිළිපදිනු ඇත.
“බ්‍රෙක්සිට් සම්පූර්ණ කරගැනීමට අපි තවත් පියවරක් ළං වුණා” යැයි ඡන්ද විමසීමෙන් පසුව අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් පැවැසීය. එක්සත් රාජධානිය යුරෝපා සංගමයෙන් ඉවත් කරගැනීමේ ක්‍රියාවලිය ‘බ්‍රෙක්සිට්’ යනුවෙන් හැඳින්වේ.
එක්සත් රාජධානියට යුරෝපා සංගමයෙන් ඉවත් වීමට මීට වඩා හොඳ සහ යහපත් ක්‍රමවේදයක් ඇති බව කියූ කම්කරු පක්ෂයේ නායක ජෙරමි කෝබින් පනත් කෙටුම්පතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන්නැයි සිය මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීය. කෙසේ නමුත් එම පක්ෂයේ මන්ත්‍රීවරුන් හයදෙනෙක් ආණ්ඩුවට සහාය දැක්වූහ.


ඒ.එෆ්.පී./රොයිටර්ස් ඇසුරිනි
- 055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න යුරෝපයේ අවසානය. වසර 500ක කාලයක් ඉතාලි, බ්‍රිතාන්‍ය, ස්පැනිෂ්, පෘතුගීසි... අධිරාජ්‍ය බලය තුළින්, ඇමරිකා-ආසියා-පැසිපික්-අප්‍රිකා මහාද්වීපයන්ගේ රටවල් යටත් විජිතයන් ලෙස නතුකර ගනිමින්, යුරෝපය තම ආර්ථික වර්ධනය නතු කළ ගත්තෝය. 1770 දී ඇමරිකාව, බ්‍රිතාන්‍ය කිරීටයෙන් ඉවත්වූයේ, මෑතකදී ශ්‍රී ලාංකික හමුදාව LTTE පන්නාදෙමු ලෙසටම අභීත යුද්ධයකිනි. තමන්ගේ යටත් විජිතයන් නැතිවූ පසු, යුරෝපා අධිරාජ්‍යයෝ යුරෝපා හවුල නිර්මාණය කලේ ආසියාවේ නැගිටීමත් - ඇමරිකානු ජවයටත් මුහුණ දීමටය. අද එයත් නැතිවී ඇත. යුරෝපය පිටුපස දුවන අපේ දේශද්‍රෝහීන්ට මෙම "බ්‍රික්සිට්" ක්‍රියාව, ලොකුම හිසරදයක් වනු ඇත. බ්‍රිතාන්‍ය වැඩිකල් නොගොස්, ඇමරිකාවේ ප්‍රාන්තයක් බවට පත්වීමත් ගොඩ එන්න ක්‍රමයක් හොයාවි. එය දෛවයේ සරදමයි. ප්‍රංශය, ඉතාලිය, ස්පාඤ්ඤය ඇතුළු අනිකුත් රටවලට නම් අබ සරණයි. අද අපේ රටේ, ජාතිමාමක රජයක් ගොඩනැගී ඇත. ඒ වාසනාව අපි ආරක්ෂා කලොත්, අපගේ කාලයේම දියුණුවත්, ආර්ථිකමය ශක්තිමත් ශ්‍රී ලංකාවක් බිහිවීම සිහිනයක් නොවනු ඇත.
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ මෙම පින්තූර දෙකෙන් අපට හොඳ ආදර්ශයක් ගත හැකිය. මන්ත්‍රීවරු 650ක් ඇති පාර්ලිමේන්තුව ලංකාවේ පාර්ලිමේන්තුවෙන් 1/4ක් පමණ වේ. බලන්න මන්ත්‍රීවරු එකිනෙකට හිරවෙලා ඉඳගෙන ඉන්න හැටි... කතානායකට ඇත්තේ කුඩා මේසයක් පමණි. මන්ත්‍රීවරු බොහොමයක් හිටගෙන ඉන්න සිදුවෙනවා. අසන වෙන්කර නැති දිගටම ඇති බැංකු වගේයි. මොවුන් බොහොමයක් ගමන් ගන්නේ දුම්රිය, බස්රථවලය. මෙය බලා ලංකාවට හොඳ ආදර්ශයක් ලැබේවායි පතමු.
මෙහි අගමැති, නි.අගමැති, ඇමතිවරු සියලු දෙනාම එකට හිරවී සිටින හැටි පෙනේ... මෙහි කිසිවෙකුටත් ආරක්ෂක රථ පෙරහරවල් නැත. ලංකාවේ අපි පරණ පාර්ලිමන්ට් එකට ගියොත් කොතරම් මුදලක් රටට ඉතුරු වෙනවද?
අපිට වඩා මෙයාලා ගොඩක් දුප්පත්.. පාර්ලිමේන්තුවේ වාඩිවෙලා ඉන්න හැටි බලන්න. හිරවෙලා පුටු ටිකක් වැඩි පුර ගන්නත් සල්ලි නැති ආණ්ඩුවක්..
ඔන්න අපිට ප්රජාතන්ත්රවාදය කියා දුන්නු රටේ උගත් බුද්ධිමත් මිනිස්සු එරට පාර්ලිමේන්තුවේ වාඩිවෙලා ඉන්න විදිහ... එ්කට අපේ රටේ..!