
( රොමේෂ් මධූෂංක)
යුද්දය හේතුවෙන් අධිආරක්ෂිත කලාපයක් වශයෙන් නම් කොට තිබූ පලාලි පේදුරුතුඩුව මන්සන්ධිය දක්වා වූ මාර්ගය වසර 34 කට පසුව අද (10) දින සාමාන්‍ය ජනතාවගේ ගමනාගමනය වෙනුවෙන් විවෘත කිරීමට යුදහමුදාව විසින් පියවර ගෙන තිබුණි.
යපනය පලාලි ප්‍රධාන මාර්ගයේ පිහිටි වාසවිලාන් මන්සන්ධියේ සිට පේදුරුතුඩුව පොන්නාලෙයි මන්සන්ධිය දක්වා ඇති කිලෝ මීටර් දෙකහමාරක දුර මාර්ගය මෙසේ විවෘත කෙරිණි.
පලාලි යුදහමුදා කඳවුරේ ඇති අධිආරක්ෂිත කලාපය හරහා ඇති මෙම මාර්ගය විවෘතව තැබීමෙන් ජනතාවගේ ගමනාගමන කටයුතු ඉතා පහසු වෙයි.
කෙසේ වෙතත් විවෘත කරන ලද මාර්ගයේ ගමන් කරන මගීන්ට පිලිපැදිය යුතු කොන්දේසි 07ක් පමණ යුද හමුදාව විසින් දැනුම් දී ඇත. මාර්ගය විවෘතව පවතින්නේ උදෑසන 06 සිට සවස 5 දක්වා කාලය දක්වා පමණි.

COMMENTS
අධිආරක්ෂිත ප්‍රදේශවලට සිවිල්වැසියන්ට ඇතුල්වෙන්න අවසර තියෙනවා කියල අහල පුදුම හිතුන !!
ලංකාව ඉන්දියාව සමග යහපත් දේශපාලන සම්බන්ධතා පවත්වන තාක් ලංකාවේ යුද්ධයක් ඇති වන්නේ නැත.ස්ථිරයි තීන්දුයි.
දැන් රටේ යුධ තත්වයක් නැති නිසා කිසිම කොන්දේසියක් නැතුව ජනතාවට අයිති පාරවල් විවෘත කරන්න ඕනා, හමුදාව හා පොලීසියට හැකි විය යුතුයි ජනතාවට බදා නොවන ආකාරයට තමන්ගේ කදවුරු හා ස්ථාන ආරක්ෂා කර ගන්න.
යුද්ධය නතර කලේ අනුරද ?ඕපන් කරන්න
සරත්, ඉතින් යුද්ධය ඉවර කළා කියලා රටම සුද්ද කරපු කෙනාට කියන්න ඕක විවෘත කරන්න කියලා, අද පාරක බැහැලා යන්න බැරි හේතුව හංගන්න බැහැනේ...