(ඉන්දිකා රාමනායක)

යාපනය මනිපායි පොලිස් වසමේ නිවසක කඩුවලින් පහර දී අලාභහානි කර  එම නිවස ඉදිරිපිට නවතා තැබු යතුරු පැදියකට ගිනි තබා හානි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු අද (17)  යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය  කියයි.

මෙම තිදෙනා යාපනයේ ක්‍රියාත්මක ආවා කල්ලි  සාමාජිකයන් බවත්, ඔවුන් පහර දී ඇත්තේ ඔවුන්ගේ ප්‍රතිවිරුද්ධ කල්ලියක් වන ධනුරොක් කල්ලියේ සාමාජිකයකුගේ නිවසට මෙලෙස පහර දී ඇති බවද පොලිසිය පවසයි.

මෙම සැකකරුවන් තිදෙනා සම්බන්ධයෙන් ලැබුණු තොරතුරු මත නවාලි ප්‍රදේශයේ දී මෙම තිදෙනා අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

ඉකුත්  දෙසැම් මස 15 වැනි දින රාත්‍රියෙ සැකකරුවන් තිදෙනා මෙම නිවසට   කඩා වැදී මෙම ප්‍රහාර එල්ල කර ඇති බවද පොලිසිය කියයි.

මොවුන් මෙම ප්‍රහාර සදහා භාවිතා කළ කඩු දෙකක් හා යතුරු පැදියක් පොලිසිය බාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අව්රුදු 17,19,21 යන වයස්වල පසුවන්නන් බවද පොලිසිය කියයි.