
(යොහාන් භාසුර)
පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේ මීටර 100 ඉසව්වේ ලෝකඩ පදක්කම් ලාභී ශ්‍රී ලංකා කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන්ට ක්‍රීඩාව දියුණු කරගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රදානය කළ ඩොලර් ලක්‍ෂයක් හෙවත් රුපියල් කෝටි තුනහමාරකට ආසන්න මුදල ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් විශේෂඥා වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා පිරිනැමීය.
ක්‍රීඩා අමාත්‍යංශය, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ සුපුන් අබේකෝන් අතර මෙම ප්‍රදානය සම්බන්ධයෙන් ගිවිසුමක් ද අස්සන් තැබීය.
එම අවස්ථාවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් අමල් එදිරිසූරිය සහ යුපුන්ගේ කළමනාකරු සංජය ගම්ලත් මහතා ඇතුළු පිරිසක් සහභාගි වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාම හොඳ වැඩක්. මෙ සම්පත අපි රැකගන්න ඔ්නෙ. එ වගේම ඔහුට තවතවත් ජයග්‍රහන ලබාගැනීමට උපකාර කල යුතුයි.