පැතුම් දර්ශන
හොරොව්පොතාන හබගම ප්රදේශයෙන් ගලා යන යාන් ඔයේ ජලයයට සැඟව තිබූ ගිනිඅවි අමතර කොටස් සොයා යුද හමුදාවේ කමාන්ඩෝ බළකායේ කිමිදුම් භටයන් සිදුකළ මෙහෙයුමේදී ටී -56 පතුරම් 695, එම්.පි.එම්.ජි.පතොරම් තුන්සිය 19 ක්,ඩෙටනෙටර් 40 ක්, ඩෙටනෙටර් වයර් මිටර් 80ක්,අත් බොම්බ 03ක්, ටොම්බ බෝම්බ දෙකක්, සොයාගෙන තිබේ.
හොරොව්පොතාන පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රොෂාන් සංජීව මහතා විසින් කළ ඉල්ලීමක් අනුව අනුරාධපුර යුද හමුදා විශේෂ බලසේනා මුලස්ථානයේ සහ කිලිනොච්චිය යුද හමුදා කමන්ඩෝ බළකායේ නිලධාරීන් විසින් මෙම මෙහෙයුම සිදු කෙරිණි.
යාන්ඔයේ ගිනිඅවි අමතර කොටස් ඇති බවට ලැබුණු තොරතුරක් අනුව කැබිතිගොල්ලෑව පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන් විසින් ඉකුත් (30) දා මුලින්ම සිදුකළ මෙහෙයුමේදී ගිනිඅවි අමතර කොටස් විශාල ප්රමාණයක් සොයා ගැනීමට හැකිවිය.
යාන් ඔයේ ජලය අධික ලෙස ගලා යාමත් අත්බෝම්බ කිහිපයක් හමු වීමත් නිසා ගිනිඅවි අමතර කොටස් සෙවීමේ මෙහෙයුම තාවකාලිකව නවතා දැමිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ බඩුත් සමගයි ෆෙඩරල් දෙන්න හදන්නේ.