IMG-LOGO

යුද්ධය නිසා රුසියානු ක්‍රීඩකයන්ට අඳුරු යුගයක්

රුසියානු - යුක්රේන ගැටුම මුල්කරගනිමින් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවෙන් ඉදිරිපත් කළ නිර්දේශ මත ක්‍රීඩා සංගම් හි සාමාජිකත්වය නැවත දැනුම්දෙන තුරු තහනම් කිරීමට එම සංගම් පියවර ගෙන තිබේ.

ඒ අනුව මින් ඉදිරියට පැවැත්වෙන කිසිඳු පාපන්දු තරඟයක් රුසියාවේදී පැවැත්වීමට ඉඩ ලබා නොදෙන බව ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය අද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

රුසියානු පාපන්දු කණ්ඩායට මින් ඉදිරියට රුසියා ජාතික කණ්ඩායම ලෙස ක්‍රීඩා කිරීමට නොහැකි බවත්, අවශ්‍ය නම් රුසියානු පාපන්දු සංගමය ලෙස ක්‍රීඩා කළ හැකි බවත් නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

එළෙස රුසියානු පාපන්දු සංගමය ලෙස ක්‍රීඩා කරන්නේ නම් රුසියාවෙන් පිටත සිදු කළ යුතු බවත් එහිදී රුසියානු ජාතික කොඩිය එසවීම හෝ ජාතික ගීය ගැයීම සිදු නොකළ යුතු බවත් ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය පැවසීය.

මේ අතර රුසියාවේ සහ බෙලරුසයේ ටෙනිස් සාමාජිකත්වය අහෝසි කරන ලෙස යුක්‍රේන ටෙනිස් සංගමය ජාත්‍යන්තර ටෙනිස් සම්මේලයෙන් ඉල්ලීමක් කර ඇත.

ජාත්‍යන්තර ටෙනිස් සම්මේලනය එම ඉල්ලීම පිළිගතහොත් වත්මන් ලෝක ටෙනිස් පිටියේ අංක එකේ ක්‍රීඩකයා වන ඩැනිල් මෙද්වදෙව්ට සහ ක්‍රීඩිකාවන්ගේ ශ්‍රේණි ගත කිරීමේ දෙවැනි ස්ථානයේ සිටින බෙලරුසයේ අර්යානා සෙබලෙන්කා හට ඉදිරි ටෙනිස් තරඟ සඳහා සහභාගී වීමේ අවස්ථාව අහිමි වන අතර ඒ හේතුවෙන් ඔවුන් ශ්‍රේණි ගත කිරීම් වලින් පහත වැටෙනු ඇත.

එමෙන්ම ජාත්‍යන්තර ජුඩෝ සම්මේලනයේ ගෞරවනිය සභාපති ධුරයක් දැරූ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ එම ධූරය තහනම් කිරීමට ජුඩෝ සම්මේලනය කටයුතු කල අතර 2022 රුසියාවේදී පැවැත්වීමට තිබූ ජුඩෝ තරඟාවලිය ද අවලංගු කර තිබේ.

(034)

යුක්රේන-රුසියා අර්බුදය:- වැඩිදුර තොරතුරු සඳහා මෙතැනින් පිවිසෙන්න



අදහස් (0)

යුද්ධය නිසා රුසියානු ක්‍රීඩකයන්ට අඳුරු යුගයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 223 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 559 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site