(යොහාන් භාසුර)

පලස්තීනය සහ ඊශායලය අතර යුද්ධයේදී අතුරුදහන්ව සිටින කාන්තාව මරණයට පත්ව ඇතැයි ඊශ්‍රායල තනාපති ආරංචි මාර්ග සඳහන් කරන බවත් ඇයට හමාස් සංවිධානයේ සාමාජිකයන් තැබූ වෙඩි ප්‍රහාරයකින් සේවා ස්ථානයේදී මරණයට පත්වූ බවත් විදේශ ආරංචි මාර්ග සඳහන් කරයි.

ඇය වෙඩි ප්‍රහාරයට ලක්වූයේ යැයි සේවා ස්ථානයේ වෙනත් පුද්ගලයෙක් දැනුම් දී ඇති බව ද විදේශ වාර්තා පවසයි.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ප්‍රකාශකයෙක් පැවසුවේ අදාල කාන්තාව ඊශ්‍රායලයේ සාත්තු සේවිකාවක් ලෙස සේවය කරමින් සිටියදී සේවා ස්ථානයේදී හමාස් ප්‍රහාරයෙන් ජීවිතක්‍ෂයට පත්ව ඇතැයි තොරතුරු ලැබී ඇති බවත් ඇයගේ යැයි කියන මළ සිරුර පරීක්‍ෂා කිරීමට ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කටයුතු කරමින් සිටින බවත්ය.

ඇයගේ දේහය පරීක්‍ෂා කිරීමට ක්‍රියාපටිපාටියක් ඇති බව කී එම නිලධාරියා ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මේ වන විට ඒ සඳහා කටයුතු කරමින් සිටින බව ද සඳහන් කළේය.