
(ඩයනා උදයංගනී)
ශ්‍රී ලංකාවේ පැවති යුද ගැටුම අවසන් වී වසර දොළහක් ගතව ඇතත් අදටත්, ස්ථිරව බලය බෙදා ගැනීමේ යාන්ත්‍රණයක් සොයාගෙන හෝ අන්තර්ජාතිකව අපේක්ෂිත සංහිදියා සම්මතයන් පරිපූර්ණ කර නැතැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කොරියාවේ සෝල් නුවරදී පැවසීය.
එම යුද ගැටුම අවසානයේදී සාමය, සංහිදියාව, ප්‍රජාතන්ත්‍රීය පාලනය ආදිය උදාකර ගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාව සිටි බැන් කි මූන් මහතා ඉමහත් ප්‍රයත්නයන් යෙදුවත්, එම සංහිදියා යාන්ත්‍රණයන් ක්‍රියාත්මකවීමේදී අපේක්ෂිත වේගයෙන් ධාවනයක් නොපෙන්වීම කණගාටුවක් බව ද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.
මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවසුවේ කොරියාවේ සෝල් නුවරදී ආරම්භ වූ ලෝක සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත දේශනය පවත්වමිනි.
අතිශය විප්ලවකාරී හා ක්ෂණික පිළියම් ක්‍රියාත්මක කිරීම සඳහා අන්තර්ජාතිකව සිදුකෙරුණු ඉල්ලීම් අතිසාධනීය බව ද හෙතෙම කීවේය.
තමන් සාමය හා යුද්ධය හැරදැමීම කෙරෙහි විශ්වාසය තබන බව කී හිටපු ජනාධිපතිවරයා ඕනෑම ගැටුම් තත්වයකට පිළියම යුද්ධය නොවිය යුතු බව ද පැවසීය.
එවන් අවස්තාවලදී අවශ්‍ය වන්නේ පාර්ශව අතර විශ්වනීයත්වය ගොඩනැගීම හා ආර්ථිකයන් නැවත ගොඩනැගීම බව කී මෛත්‍රීපාල සිරිසේන මහතා අන්තජාතිකව පිළිගත් “සංහිදියා කුලූණු හතර” ක්‍රියාවන් මත පිහිටා තමන් සංහිදියාවට පියවර තැබූ බව ද සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේදී ත්‍රස්තවාදීන් සමඟ සාමය සඳහා ගත් ක්‍රියාදාමයන් අසාර්ථකවීම නිසා සාමය උදාකිරීම වෙනුවට යුද මාර්ගයට පිවිසුණත් එය මෙරටින් උගත යුතු යහ පාඩමක් නොවන බව කී හිටපු ජනාධිපතිවරයා යුද්ධය යනු මිනිසාට අතිශයින්ම තිත්ත දෙයක් යැයි ද කීවේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි මතක නැද්ද? ආප්ප කාපුවා එහෙම..? පාස්කු ප්‍රහාරය..? සංහිඳියාවේ කොටසක් හින්දද පවුල් පිටින්ම සිංගප්පූරුවට ගියේ...?
දෙපත් නයි දැකලා නැතිනම් ඔන්න බලාගන්න...!
නැවතත් පාවා දීලා... උඩ බලන් කෙළ ගහලා. තමුන්ට අවුරුදු 5 දීලා මොකක්ද කළේ...?
යුද්ධයක් තිබූ රටක එම යුද්ධයට නායකත්වය දුන් දේශපාලන නායකත්වයට හෝ පාර්ශවයන් හට කිසිඳු දිනයක යුද ගැටුම අවසානයේදී සාමය, සංහිඳියාව, ප්‍රජාතන්ත්‍රීය පාලනය ක්‍රියාවට නැංවීමට උත්සාහ කළද යුද්ධය නිසා පීඩිත වූ පාර්ශවය.., ඒ සඳහා එකඟ කරගැනීම කළ නොහැක්කකි. එසේ වනුයේ දෙපාර්ශවය අතර යුද්ධය කාලයේදී ඇතිවන වෛරය නිසාවෙනි... එය ලෝක සම්මත යතාර්ථය වේ. විසඳුම් ලබාදිය හැකියි. එය රටතුළ බිහිවන නව දේශපාලන වෙනසත් සමග ඇතිවන විසඳුමකි.
මේ අසාර්ථක දේශපාලකයට මෙවැනි සමුළුවලට ආරාධනා කරන අයත් ඒ ජාතියේම වෙන්න ඇති...
ස්ථිර බලය බෙදා ගැනීමේ යාන්ත්‍රණය කියන්නේ... මොකද්ද ඒ අමුතු කතාව?
බටහිරට හොඳ ඉත්තෙක් අහුවෙලා...
තප්පුලෑම තාම ඉවරයක් නැහැ. යනකම්ම ඔහොම තමයි...!
හොඳටම පිස්සු දැන්...!