
(විමුක්ති එස් රුද්‍රිගු)
චීන හමුදාවේ යුද වැදීමේ හැකියාව වර්ධනය කිරීම සඳහා ක්වොන්ටම් තාක්ෂණය සහ සුපිරි පරිගණකකරණය භාවිතයෙන් නව උපකරණ 10 ක් එරට හමුදාව අත්හදා බලමින් සිටින බවත් එමගින් යුද්ධයකදී බුද්ධි තොරතුරු කඩිනමින් ලබා ගැනීමටත් එම තොරතුරු ඉතා ඉක්මණින් අදාළ පාර්ශවයන් සමග බෙදා හදාගැනීමටත් චීන හමුදාවට හැකියාව ලැබෙනු ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.
එම පරීක්ෂණ ජාතික ආරක්ෂක තාක්ෂණ විශ්ව විද්‍යාලයේ සුපිරි පරිගණක විද්‍යාගාරයක් තුළ සිදුවන බවද චීන මාධ්‍ය පැවැසුවේය. පසුගිය වසර මුල භාගයේදී චීනය මෙම උපකරණ පර්යේෂණ කටයුතු ආරම්භ බවත් පළමු අදියරේ පර්යේෂණ චීන හමුදාව මේ වනවිට අවසන් කරමින් තිබෙන බවත් එරට මාධ්‍ය ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd