
(කේ. බුද්ධික කුමාරසිරි)
පාදුක්ක ගලගෙදර මංසන්ධිය ආසන්නයේ නිවසක ගේට්ටුවක් ඉදිරිපිට යතුරුපැදියක් නවතා තැබූවැයි චෝදනා කරමින් සිවිල් ඇදුමින් සැරසී පොලිස් ත්‍රී රෝද රථයකින් පැමිණි දෙදෙනකු අමානුෂික පහර දීම නිසා එම තරුණයා හෝමගම මූලික රෝහලට ඇතුලත් කර සිටි.
මෙම පහරදීම සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබී ඇතැයි හෝමාගම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.
මෙලෙස පහර කෑමට ලක්ව ඇත්තේ අළුපොත පාර අංගමුව පදිංචි තරුණයෙකි.
පහර කෑමට ලක් වූ තරුණයා ගලගෙදර ප්‍රදේශයේ හිතවතකුගේ නිවස ඉදිරිපිට යතුරුපැදිය නවත්වා එම නිවසට ගොස් නැවත පිටතට පැමිණි අවස්ථාවේදී යතුරුපැදිය මාර්ගය අසල නවත්වා යා නොහැකි බවට පවසා යතුරුපැදිය සහ එම තරුණයා පාදුක්ක පොලිස් ස්ථානය වෙත රැගෙන යාමට උත්සහා දරා ඇති අතර පසුව තරුණයා එයට විරෝධය පල කිරීම නිසාවෙන් මෙලෙස අමානුෂික පහර දුන් බව තරුණාය පොලිසියට කළ පැමිණිල්ලෙහි සදහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd