IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


යතුරුපැදි කරුගේ මරුවා ටිපර් රියෙන් එයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

බන්ඩාරගම වැල්මිල්ල ප්‍රදේශයේදී ටිපර් රථයක් සහ යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් යතුරු පැදිකරු මියගිය බව බණ්ඩාරගම පොලීසිය කියයි.

අනතුරින් මියගොස් ඇත්තේ පිලියන්දල,මඩපාත ,මාකන්දන පදිංචිව සිටි එම්. ඩි. චන්ද්‍රසිරි නැමැති  54 හැවිරිදි එක් දරු පියෙකි

කැස්බෑව දෙස සිට බණ්ඩාරගම දෙසට පැමිණෙමින් තිබූ ටිපර් රථය කාර්මික දෝෂයට ලක් වීම හේතුවෙන් රියදුරුට පාලනය කරගත නොහැකිව ප්‍රතිවිරුද්ධ දිසාවට ගොස් බණ්ඩාරගම සිට කැස්බෑව දෙසට ගමන් ගත් යතුරු පැදියේ ගැටීමෙන් මෙම අනතුර වි ඇතැයි පොලිසිය කියයි.

ටිපර් රථය ගැටුණු යතුරුපැදිකරු මීටර් කීපයක් ඈතට විසි වී ඇති අතර බරපතල තුවාල ලැබූ ඔහු 1990 සුව සැරිය ගිලන් රථයෙන් කළුබෝවිල රෝහලට ඇතුලත් කිරීමේ දී මිය ගොස් තිබූ බව පොලිසිය කියයි.

 



අදහස් (0)

යතුරුපැදි කරුගේ මරුවා ටිපර් රියෙන් එයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 18 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 701 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 333 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site