
(හේමලතා ඩී හේවගේ)
එකම යතුරුපැදියේ දෙපස වෙනස් අංක තහඩූ දෙකක් සවිකර මර්ගයේ ගමන් කරමින් සිටි තරුණයෙකු අද (26) දංකොටුව නගර මධ්‍යයේදී අත්අඩංගුවට ගත් බව දංකොටුව පොලීසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු වයික්කාල ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි තරණයකු බවත් පොලීසිය පවසයි.
දංකොටුව නගරයේ වටරවුම ආසන්නයේ රථවාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් මෙම යතුරුපැදිය නතර කර පරීක්ෂා කර ඇති බවත් මෙය කිසියම් අපරාධයක් සිදුකිරීම සඳහා යොදාගෙන ඇද්ද යන්න පිළිබඳව වැඩිදුර විමර්ශන පවත්වන බවත් පොලිසිය සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් සැකකරු සහ යතුරුපැදිය මාරවිල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd