
(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
අතුරුගිරිය පෝරේ හංදියේදී යතුරු පැදියක් කැබ් රථයක ගැටී සිදු වූ අනතුරකින් යතුරුපැදියේ ගමන්ගත් තරුණියක මියගොස් ඇති බව අතුරුගිරිය පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ හෝමාගම හබරකඩ බෝධිරාජ මාවතේ පදිංචි සචිනි යශෝධා නමැති 22 හැවිරිදි අවිවාහක තරුණියකි.
ඇය තම ස්කූටි යතුරුපැදියෙන් නිවසේ සිට මාලබේ දෙසට යමින් සිටියදී අතුරුගිරිය පෝරේ හන්දිය ආසන්නේ ගෝවින්න මාවතේ සිට ප්‍රධාන මාර්ගයට ගත් කැබ් රථයක ගැටි විසි වී මාලබේ දෙස සිට අතුරුගිරිය දෙසට ප්‍රති විරුද්ධ මංතීරුවේ ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක ගැටී මෙම ඩඅනතුර සිදුව තිබේ.
අනතුරින් යතුරුපැදියේ ගමන්ගත් අවිවාහක තරුණිය හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මෙසේ මියගොස් තිබේ.

2025 දෙසැම්බර් මස 18
514
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
264
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1060
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
යතුරු පැදියේ ගිය තරුණිය මරු හා යයි
මාතලී Saturday, 13 May 2023 08:11 PM
මේ කාලයේ කැබ් රථ මෙන්ම ලොකු ලොකු වාහන හිමියන් අතුරු මාර්ගවල සිට ප්‍රධාන මාර්ග වලට වාහන ගන්නේ තමුන් විතරයි. පාරේ යන්නේ කියලා හිතාගෙන වගේමයි ඔවුන්ට මාර්ග නීති කිසිවක් අදාල නැහැ පාර මැදද නැවැත්වීම අවසර තියෙන තැනක්ද? සමහරක් ධනවතුන්ට අදාල නැහැ රාත්‍රියේ යනවා නම් යන්නේ ඉදිරියට එන වාහනයට මෙන්ම ඉදිරියේ යන වාහනයටත් හෙඩ් ලයිට් ඩිම් නොකර පීඩාවට පත්කරමින් කියලා කියන්න පුළුවන්... ඒවා සැඟවී පාරට පනින උන්දැලා දකින්නෙත් නැහැ මේ වනවිට යතුරු පැදි කියන්නේ සතියකට දෙතුන් දෙනෙක්වත් මරණයට පත්කරන වාහනයක් වෙලා ඉවරයි...
BamunuarachchiSunday, 14 May 2023 10:19 AM
පිස්සු කෙලින්න එපා හලෝ. පොටෝ එක බලනවා පිකප් වාහන පාරේ මැදත් පහු කරලා. ස්කුටියේ ආපු එකා දැනගන්න ඕනේ දකුණෙන් එන වාහනයට ඉඩ දෙන්න තමන්ගේ වාහන නවත්වා ගන්න. "මාවතේ සිට ප්‍රධාන මාර්ගයට ගත් කැබ් රථයක ගැටි," ස්කූටිය කැබ් එකේ ගැටිලා තිබෙන්නේ. ස්කූටියේ යන උන්දැලා ගැන අවධානයෙන් ඉන්න. හෙල්මට් එකක් නැති ළමයෙක් පිටුපස තියාගේ ස්කූටියක ආපු උන්දෑ කෙනෙක් මගේ වාහනයේ වම්පැත්තේ පිටුපස දොරේ ඇන්නා. උන්දැලා බ්‍රේක් ගහන්නේ පාරට කකුල් දෙක තියලා. අපි පරිස්සමින් පදවන නිසා උන්දැලා නොමැරී ඉන්නවා. ස්කූටියේ නැග්ගාම හිතේ Porsche එකක් පදිනවා කියලා.
mangalaSunday, 14 May 2023 04:06 PM
''ඇය තම ස්කූටි යතුරුපැදියෙන් නිවසේ සිට මාලබේ දෙසට යමින් සිටියදී අතුරුගිරිය පෝරේ හන්දිය ආසන්නේ ගෝවින්න මාවතේ සිට ප්‍රධාන මාර්ගයට ගත් කැබ් රථයක ගැටී විසිවී මාලබේ දෙස සිට අතුරුගිරිය දෙසට ප්‍රතිවිරුද්ධ මංතීරුවේ ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක ගැටී මෙම අනතුර සිදුව තිබේ.'' මේ කියන විදියට කැබ් රථය තමයි ප්‍රධාන මාර්ගයට දාලා තියෙන්නේ ගොනෙක් වගේ. ''පිකප් වාහන පාරේ මැදත් පහුකරලා. ස්කූටියේ ආපු එකා දැනගන්න ඕනේ දකුණෙන් එන වාහනයට ඉඩ දෙන්න තමන්ගේ වාහන නවත්වා ගන්න. '' මරු තියරිය. දකුණෙන් තියා කොහෙන් ආවත් ප්‍රධාන මාර්ගයට දාන්න නම් මාර්ගය නිදහස් වෙන්න ඕනෑ. ඕක දන්නේ නැතුව තමා වාහන පාවිච්චි කරන්නේ නේද? මේ කියන විදියට කැබ්කාරයා ස්කූටිය පෙනි පෙනී දාලා තියෙන්නේ, එහෙමත් නැත්නම් ස්කූටිය එන පැත්ත බලලාවත් නැහැ. කොහොමත් ස්කූටිවල යන අයගේ මාර්ග නීති දැනුම නම් කතාකරලා වැඩක් නැහැ. නමුත් දන්නවා කියලා හිතාගෙන ඉන්න අයගේ දැනුම ඔහොම නම් කවර කතාද? කොහොමත් ලංකාවේ අය තමන් වැරැද්ද කරලා ඒක අනිකාගේ ඇඟේ ගහන්න හරි දක්ෂයි. එහෙම නැත්නම් තමන් කරන්නේ වැරැද්දක් කියලා දන්නෙම නැහැ. මාර්ගයේ හරි විදියට යන එකා තමා අන්තිමට වැරදි.
Bunny Preena Monday, 15 May 2023 09:57 AM
වාහනය හසුරුවන කට්ටියගෙ ලොකුම දුර්වල කම තමා කිසිම විනීතකමක් නොමැතිව, ඉවසීම, හික්මීම නොමැතිකම සහ හදිස්සිය.