
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
ආණමඩුව කොට්ටුකච්චිය ආසන්නයේ දී යතුරු පැදියක් මාර්ගයෙන් ඉවත පැන සිදුවු මාරක අනතුරකින් බාල සොහොයුරා මරණයට පත්ව තුවාල ලැබු වැඩිමල් සොහොයුරා කොළඹ ජාතික රෝහලට අද දින අලුයම ඇතුළත් කළ බව ආණමඩුව පොලිසිය පැවසිය.
මෙම අනතුරීන් මරණයට පත්ව ඇත්තේ පුත්තලම අට්ටවිල්ලුව 5 බවුම ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි සසිදු ලක්ෂාන් නැමති තරුණයෙකු බව කියයි.
පොසොන් පොහොය නිමිත්තෙන් ආණමඩුව නගරයේ පැවති පොසොන් කලාපයට නැරඹිමට ගොස් ආපසු නිවෙස බලා එමින් සිටියදී මෙම අනතුර සිදුව තිබේ.
කොට්ටුකච්චිය හා කච්චිමඩුව ජලාශ දෙක යා කරන පාලමට නුදුරීන් මෙම අනතුර සිදුව ඇති අතර අනතුරත් සමග මිටර් 50 වැඩි දුරක් විසිවි ගොස් කුඩා ඇල මාර්ගයකට ඇද වැටී ඇතැයි පොලිසිය කියයි.
පොලිසිය පවසන්නේ අනතුර සිදුවන අවස්ථාවේදි යතුරු පැදිය පදවා ඇත්තේ අනතුරීන් මරණයට පත්වු සසිදු ලක්ෂාන් නැමති තරුණයා බවත් ඔහුගේ වැඩිමහල් සොහොයුරා යතුරු පැදියේ පසුපස ගමන් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd