(අජිත්ලාල් ශාන්තඋදය)
කුරුවිට නගරයේ දී යාචකයෙක් තවත් යාචකයෙකුට තියුණු ආයුධයකින් ඇන ඝාතනය කර ඇතැයි පොලීසිය පවසයි.
ඊයේ ( 22) රාත‍්‍රීයේදී මෙය සිදු වී ඇතැයි පොලීසිය සඳහන් කරයි.
මියගිය යාචකයා කවුරුන්ද යන්න මෙතෙක් හඳුනාගෙන නැත. ඔහු 50 වැනි වියේ පමණ පසුවන තැනැත්තෙක් බව පොලිසිය සැක කරයි.
කුරුවිට නගරයේ ප‍්‍රධාන බස් නැවතුමේ රාත‍්‍රී නිදාගැනීමට ගිය අවස්ථාවේ යාචකයන් දෙදෙනා අතර බහින් බස්වීමකින් පසු මෙම තියුණු ආයුධයකින් ඇනිම සිදුව ඇතැයි කියති.
පහරකෑමට ලක්වූ යාචකයා බස් නැවතුම්පොළේ සිට ටික දුරක් ඇවිද යද්දී බිමවැටී ඇතැයි ද පසුව ඔහු රෝහල්ගත කළ ද ඒවනවිටත් ඔහු මියගොස් සිටි බව ද පොලිසිය පැවසීය.
නිදාගැනීමට ගන්නා කාඩ්බෝඩ් කැබැල්ලක් රණ්ඩුවට හේතුව බවට තොරතුරු හෙළිවූ බවද පොලීසිය පැවසීය.
ඝාතනයට සම්බන්‍ධ බවට සැකකරන අනික් යාචකයා රාත‍්‍රියේම අත්අඩංගුවට ගත් බව ද පොලීසිය පැවසුවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලය සදහාටම තමන්ට අයිතිකරගන්න මරාගන්න දඟලන දේශපාලන යාචකයෝ වගේමයි මේ යාචකයොත්.
දේශපාලන හිගන්නන්ගෙන් හරි යාචකයින් හොද පාඩමක් ඉගෙනගෙන.
මේක.. දැකපුගමන් , මමත් හිතුවේ " පාර්ලිමේන්තුවේ සිද්දියක් " කියලා.
නන්දසේන රත්නපාලගේ ඊනියා සමාජ විද්‍යා පර්යේෂණවල එක් ප්‍රබන්ධයකට අනුව "හිඟන්නන් අතර අඬදබර කලකෝලාහල නැත. ඔවුන් තරම් සමගියෙන් හා ප්‍රීතියෙන් සිටින මින්සුන් පිරිසක් මහාචාර්යතුමා දැක තිබුනේ නැත. පර්යේෂණය සඳහා හිඟන වෙස්ගෙන හිඟන්නන් සමග ගතකළ ජීවිතයෙන් ඔහු සමුගැනීමේදී ලියා තිබුනේ " ඒ හිඟන්නන් සමග මා ගත කල සුන්දර ලෝකයෙන් මා සමුගත්තේ ඉමහත් වේදනාවෙනි" මෙහෙව් මහාචාර්යයන්ගෙන් ආශිර්වාද ලත් රටකට අදත් හිඟන තත්වයෙන් ගොඩඒමට නොහැකිවී ඇත්තේ සමාජ විද්‍යාව වැනි රටේ සංවර්ධනයට සෘජුව දායකත්වයක් දිය හැකි ක්ෂේත්රයක් හිඟනකමේ යෙදූ නිසා බව දැන් නම් හොඳටම පැහැදිලියි.