
(දෙනගම යසන්ත ආරියසේන)
හක්මන නගරයේ ජීවත් වූ යාචකයකු හදිසියේ මියගොස් ඇති අතර ඔහුගේ කලිසම් සාක්කුවලින් රුපියල් ලක්ෂ හතරකට ආසන්න මුදල් ප්‍රමාණයක් සොයාගත් බව පොලිසිය කියයි.
හක්මන කෝංගල නැගෙනහිර ප්‍රදේශයේ පදිංවිව සිටි හැට නව හැවිරිදි ඊ.එස්.විමලදාස යන අයකු පෙරේදා (10) දහවල් ඔහු පදිචිව සිටි නිවස අසල ඇති කන්දෙන් පහලට පෙරලි ගොස් මෙලෙස මියගොස් තිබුණි.
හක්මන නගරයේ සිගමන් යදිමින් ජිවත්වූ ඔහු අවිවාහකයෙකු වන අතර ඔහු හේවිසි වාදන ශිලිපියෙකු ලෙස කටයුතු කර ඇති බවත් මියයන විටත් කුඩා නිවසක තනිවම ජිවත්වී තිබේ.
මියගිය පුද්ගලයා සම්බන්ධයෙන් හදිසි මරණ පරික්ෂණය සිදුකරන අවස්ථාවේ මරණකරු ඇඳ සිටි කලිසමක රහස් සාක්කු කිහිපයක තිබි රුපියල් තුන් ලක්ෂ අසූ හතර දහස් අටසිය හැටහතක (384,867.00) පමණ මුදලක් හමුවු බව හක්මන පොලිසිය පවසයි.
හක්මන හදිසි මරණ පරීක්ෂක ඩී ගලගම මහතා විසින් මිය ගිය අයගේ හදිසි මරණ පරික්ෂණය සිදුකළ අතර ඊ.එස්.විමලදාස යන අය මරණ පරීක්ෂණයේදි සාක්සි ලබාදිමට කිසිවකුත් ඉදිරිපත් නොවීය. මියගිය අයට කිසිදු ඥාතියකු එම ප්‍රදේශයේ නොමැති අතර හක්මන නගරයේ සිගමන් යදිමින් ජීවිකාව ගෙනගොස් ඇති බව පරික්ෂණවලදි අනාවරණය වු බව පොලිසිය කියයි.
මියගිය අයගේ සිරුර හමුවු ස්ථානය අසල ඇති ඔහු පදිංචිව සිටි කුඩා නිවස පරික්ෂාකළ නිලධාරිහු එහි තිබු දැඩි ලෙස කළු පැහැ ගැන්වි ඇති කොට කලිසමක් පරික්ෂා කිරිමේදී එහි රහස් සාක්කු කිහිපයක තිබි මෙම විශාල මුදල් ප්‍රමාණයක් සොයා ගෙන ඇත
හදිසි මරණ පරික්ෂකවරා ඉදිරියේදී එලෙස සොයාගත් රුපියල් පන්දහස, දහස, පන්සියය, සීයය, පනහ, විස්ස,දහය යන අගයන්ගෙන් යුත් මුදල් නෝට්ටු සහ විවිධ අගයන්ගෙන් යුත් කාසිවල වටිනාකම ගණනයකළ අතර රුපියල් තුන් ලක්ෂ අසූ හතර දහස් අටසිය හැට හතක මුදලක් තිබූ බව පොලිසය කියයි


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය දකුණ පැත්තෙ ඉන්න ගොඩක් හිගන්නන් ළඟ විශාල ලෙස මුදල් තියනවා. සමහරුන්ගේ ඒවා තව සමහර අය හොරා ගත්තත් ඒක දැනෙන්නේ කාලයක් ගියාට පස්සෙයි.
මේවා හිඟා කාල එකතු කරපුව. නැතුව මහජන දේපල හොරාකාල ගතිපුව නොවෙයි.
අපි කවුරුත් අන්තිමට යන්නේ හිස් අතින් . ඒ වගේම ලක්ෂ හතරට දැන් මොකද කරන්නේ?ජනාධිපති අරමුදලට දෙනවද ?
ඔක්කොම යාචකයින්ගේ තත්වය මෙහෙම තමයි. එයාලගේ වත්කම් ලක්ෂ ගණනින්... කාටවත් අහුවෙන්නෙත් නෑ. සමහරු ගෙවල් 2-3ක් හදලා වාහන 2ක් එහෙම අරගෙන ගමේ ඉන්නේ. හිඟාකන එක තමයි පට්ටම බිස්නස් එක... හැබැයි ඒකට ලොකු ආත්ම ශක්තියක් ඕනෑ.
හැබැයි ඉතින් ඒ මිනිස්සු නුඹලා වගේ හොරු නෙමෙයි..!
හොර සාක්කුවෙන් සොයා ගත්ත මුදලට දැන් මොකද වෙන්නේ?
තිබෙන යමක් භුක්ති විඳීමට වාසනාව නැතිකමයි. මෙහෙම මිනිස්සුන්ට තමයි කිව්වේ උගුරත් නොතෙමෙයි සුරගඟ වැටුණත් කියලා...!
අද රටේ යාචකයින් සතු දේපල දෙස බලනවිට මේක මොකක්ද? මේ ඔහු සතු සියලු දේපල විය නොහැකිය...
ජනතාව ගසාකාලා පොදි ගැහැව්වත් අන්තිමට සිද්ද වෙන්නේ හැමදේම අතහැර යන්න තමයි...