(විමුක්ති එස් රුද්‍රිගු)
යුක්රේනයේ පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් යුක්රේනයේ සිටින ශ්‍රී ලාංකිකයන් ආපසු ගෙන්වා ගැනීමට විදේශ අමාත්‍යංශය තීරණය කර ඇත.
යුක්රේනයේ සිටින ශ්‍රී ලාංකිකයන් ආරක්ෂිතව ගෙන්වා ගැනීම සඳහා තුර්කියේ අන්කරා නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට විදේශ අමාත්‍යංශය උපදෙස් දී ඇත.
මේ පිළිබඳ විස්තර දැනගැනීම සඳහා අන්කාරා නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ 24 පැය ක්‍රියාත්මක පහත දුරකථන අංක වෙත ඇමතුමක් දෙන ලෙස යුක්රේනයේ සිටින ශ්‍රී ලාංකිකයන්ගෙන් විදේශ අමාත්‍යංශය ඉල්ලා සිටී. 90 534 456 94 98 හෝ 90 312 427 10 32

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd