
රුසියානු ආක්‍රමණයක් පිළිබඳ භීතිය තව දුරටත් වැඩි කරමින් රුසියානු ප්‍රහාරක හෙලිකොප්ටර් යානා සමූහයක් යුක්රේන දේශ සීමා වෙත රුසියාව යවා ඇතැයි වාර්තා වෙයි.
බටහිර බෙල්ගොරොඩ් ප්‍රදේශයේ රුසියානු හෙලිකොප්ටර් පියාසර කරන අයුරු වීඩියෝ දර්ශන මගින් තහවුරු කර තිබේ. බටහිර බෙල්ගොරොඩ් සිට යුක්රේනයට ඇත්තේ සැතපුම් 19 ක දුරක් බව විදෙස් මාධ්‍ය පවසයි.
2014 වසරේදී රුසියාව ක්‍රිමියා අර්ධද්වීපය අල්ලා ගැනීම සඳහා පහර දීම ආරම්භ කර අවස්ථාවේද මෙවැනිම ආකාරයෙන් ප්‍රහාරක හෙලිකොප්ටර් යානා බටහිර බෙල්ගොරොඩ් ප්‍රදේශයේ දැකගත හැකි වූ බව විශ්ලේෂකයෝ පවසති. බටහිර රුසියාවේ විවිධ ස්ථානවල කමොව් කේ.ඒ 52,එම් අයි 8එස් සහ එම්.අයි 24 ප්‍රහාරක හෙලිකොප්ටර් යානා පියාසර කරන වීඩියෝ දර්ශන සමාජ මාධ්‍යයන්හි සැරිසරන බව විදෙස් මාධ්‍ය පැවසූහ.


විමුක්ති එස් රුද්‍රිගු ද සන් පුවත් සේවය ඇසුරෙන්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුටින් මහත්තයාගේත් අවසාන කාලය ලං වෙලා වගේ මේ දඟලන්නේ...!