(විමුක්ති එස් රුද්‍රිගු)

අත්‍යාවශ්‍යය නොවන කාරණයකට හැර යුක්රේනයේ සිදු කෙරෙන සංචාරවලින් වලකින්නැයි ලෙස විදේශ අමාත්‍යංශය මෙරට වැසියනට දැනුම්දිමක් කර ඇත.

යුක්රේනයේ සිටින සිසුන් 14 දෙනා ඇතුළු හතළිහකට අධික ශ්‍රී ලංකික පිරිසකගේ ආරක්ෂාව සහ සුභ සාධනය තහවුරු කිරීමට ඔවුන් සමග නිරන්තරයෙන් සමීපව කටයුතු කරන බව ද එම අමාත්‍යංශය පවසයි.

යුක්රේනයේ කියෙව් නුවර තානාපති කාර්යාලයක් නොමැති අතර යුක්රේනයේ සිටින ශ්‍රී ලාංකිකයන් පිළිබඳව සොයා බලන්නේ තුර්කියේ අන්කාරා නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයයි.

දැනට යුක්රේනයේ සිසුන් 14 දෙනෙක් ඇතුළුව 40 ආසන්න ශ්‍රී ලාංකිකයන් පිරිසක් සිටින බව අන්කාරා නුවර තානාපති කාර්යාලය පවසයි. දැනටමත් සිසුන් 14 දෙනාගෙන් 6 දෙනකු තාවකාලිකව යුක්රේනයෙන් පිටව ගොස් ඇති අතර ඉතිරි සිසුන් 8 දෙනා සමග අන්කාරා හි තානාපති කාර්යාලය සමීප සම්බඳතා පවත්වන බව විදේශ අමාත්‍යංශය පවසයි.

පවතින තත්ත්වය හේතුවෙන් විමසිල්ලෙන් සිටින ලෙසත්,අන්කාරා හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමග සම්බන්ධ වන ලෙසත් යුක්රේනයේ සිටින ශ්‍රී ලාංකිකයන්ගෙන් විදේශ අමාත්‍යංශය ඉල්ලා සිටී.