
රුසියාව සහ යුක්රේනය අතර උද්ගත වී තිබෙන අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් බොරතෙල් බැරලයක මිල අද (22) පෙරවරුවේ ඇමෙරිකානු ඩොලර් දෙකක අගයකින් ඉහළ ගියේ ය.
බොරතෙල් සැපයුමට බාධා එල්ල වනු ඇතැයි ඇති වූ කනස්සල්ල ඊට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත.
රුසියානු-යුක්රේන අර්බුදය දිග්ගැස්සෙමින් තිබෙන අතර රුසියාව මොනයම් මොහොතක දැවන්ත ප්‍රහාරයක් එල්ල කරනු ඇතැයි බටහිර රටවල් බිය පළ කර ඇත. මේ අතරවාරයේ දී නැගෙනහිර යුක්රේනයේ වෙනම කලාප දෙකක් නම් කිරීමට රුසියාව සඳුදා, ඊයේ (21) පියවර ගත්තේ ය.
රුසියාවේ එම පියවර ජාත්‍යන්තරයේ දැඩි විරෝධයට හේතු වී තිබෙන අතර ඉතාම ඉක්මනින් රුසියාවට සම්බාධක පනවන බව බටහිර රටවල් ප්‍රකාශ කර ඇත. ඇමෙරිකාව ඒ සඳහා මූලිකත්වය ගෙන ඇති අතර ඇමෙරිකාව මේ සම්බන්ධයෙන් ඔවුන්ගේ මිත්‍ර රටවල් සමඟ සාකච්ඡා ආරම්භ කර ඇතැයි ද වාර්තා විය.
රුසියාව නම් කළ වෙනම කලාප දෙකෙන් ආනයනය කරන සියලු භාණ්ඩවලට තහනමක් පැනවීමටත් එම කලාප සමඟ ව්‍යාපාරික කටයුතු නවතා දැමීමටත් අදාළව ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් විධායක නියෝගයක් නිකුත් කිරීමට නියමිතව ඇත.
මේ තත්ත්වය හේතුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ ‘වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියට්’ බොරතෙල් මිල ගණනය කිරීම්වලට අනුව ඊයේ දිනයේ දී බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 93.86ක් දක්වා ඩොලර් 2.79ක් ඉහළින් ගොස් ඇත. එය ඉකුත් සිකුරාදා පැවැති මිලට වඩා සියයට 3.06ක වැඩි වීමක් යැයි වාර්තා විය. රජයේ නිවාඩු දිනයක් හේතුවෙන් ඇමෙරිකානු වෙළෙඳපොළ ඊයේ දිනයේ දී ක්‍රියාත්මක නොවිණි.
‘බ්‍රෙන්ට් කෲඩ්’ මිනුම්වලට අනුව බොරතෙල් බැරලයක මිල ඊයේ (21), ඇමෙරිකානු ඩොලර් 96.75ක් දක්වා ඇමෙරිකානු ඩොලර් 1.36කින් ඉහළ ගොස් තිබිණි. එය සියයට 1.43ක අගයක් ලෙස දැක්විණි. එහි සියයට දෙක ලාභයක් ද වාර්තා විණි. එම වෙළෙඳපොළ බොරතෙල් බැරලයක මිල ඊයේ (21) උදය වරුවේ ඇමෙරිකානු ඩොලර් 97.66ක් දක්වා ඉහළ ගොස් තිබුණු අතර එය 2014 වසරේ සැප්තැම්බර් මාසයෙන් පසු වාර්තා වූ ඉහළම අගය යැයි ද වාර්තා විය.
නවදිල්ලියේදීය (රොයිටර්ස්) 055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලන්නකෝ ඒකෙත් හැටි... අපිටමයි වෙන්නේ...!