IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


යුක්රේන ජනපති මරන්න ආ චෙච්නියා සෙබළුන් මැරුම්කයි

චෙච්නියානු විශේෂ බලකා සෙබළුන් කණ්ඩායම


යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි ඝාතනයට පැමිණි චෙච්නියානු විශේෂ බලකා සෙබළුන් කණ්ඩායමක් මරා දමමින් රුසියානු හමුදාවන්ට විශාල හානියක් සිදු කිරීමට යුක්රේන හමුදාවෝ සමත් වූහ.

චෙක් ජනරජයේ නායක රම්සාන් කදිරොව් පසුගියදා පැවසුවේ 12000 ක තම චෙච්නියානු සටන් කාමීන් රුසියානු හමුදා සමග එකතු වී යුක්රේන හමුදාවන්ට එරෙහිව යුද වැදීමට සුදානම් බවයි. චෙච්නියානු විශේෂ බළකාය මානව හිමිකම් කඩකිරීම සම්බන්ධව සහ දැඩි අමානුෂික ක‍්‍රියාමාර්ග ගන්නා හමුදාවක් ලෙස ලෝකයේ ප‍්‍රසිද්ධ වී සිටියි.

යුක්රේනයට පැමිණ චෙච්නියා විශේෂ බළකා කණ්ඩායමක් ඔවුන් පැමිණ යුද ටැංකි 56 ද සමගින් යුක්රේන හොස්ටොමල් නගරය ආසන්නයේදී යුක්රේන හමුදාවේ මිසයිල ප‍්‍රහාරයකට ලක් ව සුනු විසුණු වී ඇත.

මෙම කණ්ඩායම යුක්රේන ජනාධිපති ව්ලැදිමීර් සෙලෙන්ස්කි ඝාතනයට පැමිණි බව ඬේලි මේල් වෙබ් අඩවිය පවසයි.කොපමණ සෙබළු සංඛ්‍යාවක් මියගොස් ඇත්දැයි ප‍්‍රකාශ කර නැතත් මියගිය සෙබළුන් අතර චෙච්නියානු ජෙනරාල් මගෝමෙද් ටුශෙව් සිටින බව විදෙස් මාධ්‍ය පවසයි.

(034)

යුක්රේන-රුසියා අර්බුදය:- වැඩිදුර තොරතුරු සඳහා මෙතැනින් පිවිසෙන්න



අදහස් (0)

යුක්රේන ජනපති මරන්න ආ චෙච්නියා සෙබළුන් මැරුම්කයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 547 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2259 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1693 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site