යුක්රේන අග්‍රාමාත්‍යවරිය ලෙස කටයුතු කළ යුලියා ස්වෙරිඩෙන්කෝ එම ධුරයෙන් ඉවත් කිරීමට යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී තීරණය කළේය.

යුලියා ස්වෙරිඩෙන්කෝ අග්‍රාමාත්‍ය ධරුයේ වසරක කාලයක් කටයුතු කළාය. ජනාධිපති සෙලෙන්ස්කී, ඇය අග්‍රාමාත්‍ය ධුරයට පත් කෙරුණේ 2025 ජූලි මාසයේදීය. අග්‍රාමාත්‍යවරිය ලෙස යුලියා සිය රාජකාරි ප්‍රසංශනීය ලෙස ඉටු කළ බව ද සෙලෙන්ස්කී අවධාරණය කර තිබේ.

අග්‍රාමාත්‍ය ධුරය හිමිවනු ඇත්තේ කාටදැයි යන්න හෝ යුලියා ස්වෙරිඩෙන්කෝට මීළඟට හිමිවන තනතුර කුමක්දැයි යන්න හෝ සෙලෙන්ස්කී මෙතෙක් පවසා නැත.

මීට අමතරව, කැබිනට් මණ්ඩල සංශෝධනයක් කිරීමට ද නියමිත බවත් නීතිය බලාත්මක කරන ආයතනවල ප්‍රධානීන්ගේ වෙනසක් සිදු කිරීමට බලාපොරොත්තු වන බවත් ජනාධිපති සෙලෙන්ස්කී පවසා ඇත.