වසන්ත චන්ද්‍රපාල
තමන් පදිංචිව සිටින ඉඩම නිරවුල් කර ආබාධිත පියා සහ මව සමඟ නිදහසේ ජීවත්වීමට අවස්ථාව සලසාදෙන ලෙස ඉල්ලා වයස අවුරුදු 14 ක දැරියක් අම්පාර නගරයේ ඔරලෝසු කණුව අසල අද (1) විරෝධතාවයක් ආරම්භ කළාය.
‘ජනාධිපතිතුමනි රටේ නීතිය සැමට සමානද ?’ යැයි සඳහන් පුවරුවක් ද අතැතිව මෙම දැරිය හැඬු කඳුලින් යුතුව මෙම විරෝධතාව පළකරයි.
අම්පාර නගර සභාවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රිවරු සියල්ලම පැමිණ මේ පිළිබඳව අදාළ නිලධාරීන්ට දැනුම් දෙනු ලැබීය. මෙම දැරියගේ පියා ආබාධිත සෙබෙලෙකි.
මව පියා සහ මෙම දියණිය අම්පාර පොලිස් විශේෂ කාර්ය බළකාය අසල නිවසක් හදාගෙන ජීවත්වු අතර මෙම ඉඩම වනජීවි කලාපයේ පවතින බව පවසමින් වනජීවී දෙපාර්මේන්තුව මගින් නඩු පවරා මෙම ඉඩමින් මෙම පිරිස නෙරපනු ලැබිණි.
වනජීවි දෙපාර්මේන්තුව විසින් මෙම පවුල පාරට ඇද දැමනු ලැබුවද මෙම කලාපයේ නිවාස 700 ක් පමණ ඉදිකර තිබෙන අතර ඒ අතර අම්පාර මානසික රෝහල, අම්පාර පොලිස් විශේෂ කාර්යය බළකාය,අම්පාර නගර සභාව මෙම සජීවි කලාපය තුළ පිහිටා තිබේ.
මෙම දරු පවුල අසරණ වු පසුව එම ඉඩමට යාබද ඉඩමේ සිටි විශ්‍රාමලත් ග්‍රාම නිළධාරිවරයකු විසින් තමන් සිටින ඉඩමෙන් කොටසක් මෙම අසරණ පවුල වෙත ලබාදි තිබේ.
අධිකරණ නියෝග කඩ කළ බව පවසා අම්පාර වනජීවි නිළධාරීන් විසින් මෙම පවුලේ කාන්තවට අම්පාර පොලිසියේ පැමිණිල්ලක් කරන ලදී.
පළමු වැනි නඩු වාරයේදීම ඇයට දින 7ක් රක්ෂිත බන්ධනාගාර ගතව සිටීමට සිදුවූවාය. මෙම දින කිපය තුළ ආබාධිත පියා විසින් මෙම දැරිය ඉතා අපහසුවෙන් බලාගෙන තිබේ.
මෙම පිරිස පදිංචී වි සිටි නිවසින් ඉවත් කළ පසු අම්පාර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී ගත් තීරණයක් අනුව මෙම පිරිසට එම ස්ථානයෙන් රැඳී සිටින ලෙසට තීරණයක් ලබාදී තිබියදීත් වනජීවි නිළධාරින් විසින් මෙම අහිංසක දරු පවුලට විරුද්ධව ආකාරුණික ලෙස කටයුතු කර තිබෙන බව අම්පාර නගර සභාපති චමින්ද සුගත් මහතා පැවසීය.
පසුව අම්පාර නියෝජ්‍ය ඉඩම් කොමසාරිස් තක්ෂිලා ගුණරත්න මහත්මිය එම ස්ථානයට පැමිණ අම්පාර දිසාපති කාර්යාලය වෙත මෙම දැරිය රැගෙන ගියාය. දිසාපති කාර්යාලයේ දී මෙම ප්‍රශ්නය පිළිබඳව සාකච්ඡා කිරිමෙන් පසුව අම්පාර දිසාපති ඩී.එම්.එල් බණ්ඩාරනායක මහතා පැවසුවේ මීළඟ නඩු වාරයේ දී දැරිය වෙනුවෙන් පවතින තත්ත්වය පැහැදිලි කිරිම සඳහා තමන් අධිකරණයට ඉදිරිපත් වන බවයි. ඒ සම්බන්ධයෙන් මෙම නඩුවට පෙනී සිටින නීතිඥවරයාට දැන්වීමට අම්පාර දිසාපති බණ්ඩාරනායක මහතා පියවර ගත්තේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ෂුවර් එකට පියා අබාධිත නිසා වනජීවී එකේ ඉන්න නිලධාරීන් මේ දරුවාගේ අම්මව වරදට පොළඹවාගන්න උත්සාහ දරන්න ඇති... ඒක නොහැකි වූ නිසා පවුලම අනාථ කර එමගින් එය ඉටු කරගන්න මාන බලන්න කටයුතු කරන්න ඇති.. අපේ රටේ ඉන්න රජයේ නිලධාරීන් සමහරක් මෙවැනි පාහර වැඩ කරන බව රටම දනී.
අපරාදෙ... අත පය කඩාගෙන මේ රටක් බේරගත්තේ... මිනිස්සු නෙමෙයිද අපි...?
පහත් තැනින් සියලු අපද්‍රවය ගලා හැලේ.
නීතියට කලින් මනුස්සකම් ගැන හිත නිලදාරීන් කටයුතු කළයුතුව ඇත. හැම දෙයක්ම නීතිය තුල නැත.
දිසපතිතුමනී මෙහෙම ඉංග්‍රීසි කියමනක් තිබෙනවා." කොර්ට් ඔෆ් ලෝ ඉස් නොට් කොර්ට් ඔෆ් ජස්ටිස්" කියලා
හරිම දුකක් දැනෙන පුවතක්. රටේ සමහර දේශපාලකයෝ සහ ඒ අයගේ හෙන්චයියෝ අක්කර දහස් ගණනින් කැලේ එළිකර නීති විරෝධී විදියට ඉඩම් අත්පත් කරගන්නවා.
1970 න් පසුව දිස්ත්‍රික් පරිපාලනයට දේශපාලනය අතගැසීමට පෙර දිසාපතිි තුමන්ලා මෙන් කටයුතු කල දිසාපතිතුමාට ප්‍රනාමය පුදමි. 1970 න් පසුව දිස්ත්‍රික් පරිපාලනයට දේශපාලනය අත ගැසීමත් ප්‍රාදේශීය මෙන්ම දිස්ත්‍රික් සමිබන්ධීකරණ කමිටු තනතුරුවලට පමනක් සීමාවීමත් නිසා මේ දැරියට වුනා වැනි දේ වෙනවා. මෙයින් පේනවානේද නිළධාරි පාලනයේ වැදගත්කම
විල්පත්තුවට කෝ මේ වගේ උනන්දුවක්.
දිසාපති තුමනි, ගුණරත්න මහත්මියනි, ඔබට ජාතියේ ප්‍රණාමය
වන ජීවි දෙපාර්මේන්තුව ලංකවේ තිබෙන අකාර්යක්ෂම දෙපාර්තමේන්තුවක්. මොවුන් කරන්නේ අහිංසක මිනුස්සුන්ට කරදර කරන එක. බලසම්පන්න කවුරුහරි වැරැද්දක් කලොත් කිසිම දෙයක් කරන්නේ නැහැ.
නිර්භීත නිලධාරියෙක්. සුබ පැතුම්.!
වනජීවී දෙපාර්තමේන්තුව හැසිරෙන්නේ වන සතුන්ටත් වඩා පහත් තත්වයෙන්. හොද නිලදාරීන් අතුරින් මේ වගේ පහත් නිලදරිනුත් ඉන්නවා අපේ රටේ. මේ අපහාසය සියලුම වනජීවී නිලදරින්ට නොවේ. පහත ම පහත් අමානුෂික නිලධාරීන් ට පමණි.
සුද්දෙක් ඇවිල්ලා හෝටලයක් දාන්ට ඉල්ලුවානම් පටස් ගාල අනුමත වෙනවා.