(ජී.ඩබ්ලිව්.කේ ප්‍රේමතිලක ද සිල්වා)
යක්කලමුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගල්ලල මුල්ලේ පවත්වාගෙන යනු ලබන ගල්කොරි දෙකක් හේතුවෙන් තමන්ගේ ජීවිත අවදානමකට පත්ව ඇතැයි පවසමින් ගල්ලල මුල්ල ප්‍රදේශවාසීන් අද (09) උද්ඝෝෂණයක නිරත වූහ.
උද්ඝෝෂකයන් පවසා සිටියේ මෙම ගල්කොරි වල දමන අධිබලැති බෝර පිපිරීමෙන් කැඩෙන ගල් පතුරු තමන්ගේ නිවෙස් වල වහලයන්ට වැටීමෙන් වීම සහ මෙම ගල් පතුරු එළිමහනේ සිටින පිරිස්ගේ වැදීමෙන් තුවාල සහ අලාභානි වන බවයි.
මෙම ගල්කොරි හේතුවෙන් ප්‍රදේශයේ ජල උල්පත් ද මේ වන විට සිඳී ගොස් තව තමන් පානීය ජල අර්බුදයකට ද පත්ව ඇතැයි උද්ඝෝෂකයෝ පැවසූහ.
මීට අමතරව මෙම ගල්කොරි වලින් පිටවන අධික ඝෝෂාව ද තමන්ට මහත් හිසරදයක් වී ඇතැයි ද ඔවුහු පවසා සිටියහ .
බලධාරීන්ට මෙම ගැටලූවට විසඳුම් ඉල්ලා නොයෙක් ඉල්ලීම් කළද එම ඉල්ලීම් බීරි අලින්ට වීණා ගායනා කිරීමත් වැනි යැයි ද උද්ඝෝෂකයෝ කියා සිටියහ.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
යක්කලමුල්ලේ ගැමියෝ පාරට බසිති