
(නිමල කොඩිතුවක්කු)
කන්කසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50 ත් -60 දක්වා වැඩි විය හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු වන බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
කොළඹ සිට ගාල්ල සහ මාතර හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් (2.0-3.0) ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතී.
මේ හේතුවෙන් බේරුවල සිට ගාල්ල හරහා මාතර දක්වා ප්‍රදේශවල මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් ද පවතී. මෙම මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවල යෙදන ප්රජාවත්, එම වෙරළ ආශ්රිත ප්‍රදේශවල වෙසෙන ජනතාවත් මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනු ලැබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd