
(යොහාන් භාසුර)
මාදැල් ධීරවරයන් උද්ගතවී ඇති තත්වය සම්බන්ධයෙන් උසාවි මාර්ගයට ගොස් තිබෙන නිසා මේ අවස්ථාවේදී සෘජුව ඒ පිළිබඳව අදහසක් මේ මස 27 වැනිදා දක්වා ප්‍රකාශ කළ නොහැකි බවත් එම නඩුවේ තීන්දුවෙන් පසුව සාකච්ඡා කිරීමට සූදානම් බවත් ධීවර නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා අද (9) පැවසීය.
ධීවර නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා ධීවර අමාත්‍යංශයේදී අද (9) පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී එසේ පැවසීය.
යහපාල රජය සමයේ 2015 වසරේ ධීවර ඇමතිවරයා විශේෂ සටහනකින් (මිනිට් එකක්) රිය මාදැල් 72කට ට්රැක්ටරය පාවිච්චි කර ‘වින්ච්’ එක දමා ඇදීමට අවසර දී ඇති බවත් ‘වින්ච්’ එක දමා මාදැල අදින විට කිලෝමීටර 4කට 5කට ඈතට දැල දාමා බරුව එල්ලන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.
එහිදී ආතතියත් සමඟ පහළ ඇති කොරල්පර, ප්‍රවාංග සහ පෙද පාසි පවා ඇදගෙන එන බව කී ගමගේ මහතා මහින්ද අමරවීර සහ වෙඳආරච්චි යන මහත්වරු අනියමින් ‘බොටම් ට්‍රැව්ලින්’ ක්‍රමවේදයට අහිසක ධීවරයන් කොටුකර ඇති බව ද සඳහන් කළේය.
මෙම ගැටලුකාරී තත්වයට යහපාලන ආණ්ඩුව මෙයට වගකිවයුතු ද ධීවර නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd