(ඩයනා උදයංගනී)
මාළඹේ සහ කොළඹ කොටුව අතර ඉදිකිරීමට නියමිත සැහැල්ලු දුම්රිය පද්ධතිය ඉදිකිරීම සඳහා වන ණය ගිවිසුමට අත්සන් තැබීම මුදල් අමාත්‍යාංශයේදී අද (11) සිදු කෙරිණි.
මේ යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 1850ක ණය මුදලක් ජපානයේ ජයිකා ආයතනය විසින් මෙරට රජය වෙත ලබාදෙන අතර, එහි පොලිය සියයට දශම එකකි.
ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස් සමරතුංග මහතා මේ සඳහා අත්සන් තැබීය.
දිනෙන් දින ඉහළ යන මාර්ග තදබදයට විසඳුමක් ලෙස මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය මගින් මෙම සැහැල්ලු දුම්රිය පද්ධතියක් ඉදිකෙරේ.
මෙහි ඉදිකිරීම් 2024 වසර වනවිට අවසන් කිරීමට සැලසුම් කර ඇති අතර, එම මාර්ගය දුම්රිය නැවතුම් පොළවල් 16කින් සමන්විතය.
මාළඹේ සිට කොටුව දක්වා විනාඩි 32කින් ගමන් කිරීමට මගීන්ට මෙමගින් අවස්ථාව සැළසෙනු ඇතැයි මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොද වැඩක්
පන්සල් ගානේ ගිහින් "මේ ආණ්ඩුව කෝටි ගණනක ණය ගත්තට කරපු දෙයක් නැහැ " කියලා දේශපාලන වොයිස් කට් දෙන අයට මේකවත් පෙන්නන්න කෙනෙක් නැද්ද?
මාලබේ සිට කොළඹට ගමන් කරන අතිවිශාල සෙනගක් ඉන්නවද? එසේ ඉන්නවනම් ඒ සෙනග ගැන කරන්නේ උදයේ පැය දෙකක කාලයක් තුල සහ සවස පැය දෙකෙක තුලයි. ඉතිරි පැය 20 තුල ලැබෙන්නේ ඉතාම සුළු ආදායමක් පමණයි. මේක ආණ්ඩුවේ තව සුදු අලියෙක්ද?
පොහොට්ටුවේ ඉන්න කිහිප දෙනෙක් නිතරම කියන්නේ මේ ආණ්ඩුවට වැසිකිලියක්වත් හදාගන්න පුළුවන් වුනාද කියල. 2024 මේක ජනතාවට ලැබෙනකොට හැමෝටම අමතක වෙලා තියනවා නියතයි පටන් ගත්තේ කව්ද කියල. එදාට විපක්ෂය බලයේ හිටියොත් කියනවා අපි තමයි මේක පටන් ගත්තේ , ඒජාපෙ මේක පටන් ගන්නවට විරුද්ද වුනා කියලත් නොකිව්වොත් පුදුමයි කොහොම කිව්වත් ජනතාවගේ සල්ලි. හොඳ දේට හොඳ කියමු,දේශපාලන කුහකකම ඉවත දමලා.
රන්ජිත් හදවතින්ම මේක හොඳ වැඩක් කියලා කියනකොට ඒකට හොඳ ප්‍රතිචාර ගන්නට සමාන නරක ප්‍රතිචාර තියනවා කියන්නේ අපේ රටේ මිනිස්සුන්ගේ කුහකකම නොවේද. මේ ව්‍යාපෘතිය එයාලගේ දෙයක් කරගන්න විපක්ෂය ඕනෑම ජරා වැඩක් කරාවී දැන්. බැරි වෙලාවත් ලගදි ආණ්ඩුව වෙනස් උනොත්, මේකට මුල් ගල තියලා මුළු ලෝකෙටම කියාවී අපි තම මේක පටන් ගත්තේ කියලා.
වැඩේ කවුරු කෙරුවත් ණය ගෙවන්නේ අපිනේ. එක කට්ටියක් බාගයක් කරන්න අනිත් කට්ටිය බාගයක් කරන්න.
සිංහල කියමනක් තිබෙනවා මුහුද හත්ගව්වක් තියා අමුඩ ගහනවා කියා පත්තරේ කියන විදිහට ණයකට අත්සන් කළා පමණයි. ඒ ණය සල්ලිවලින් ලක්ෂ 3000 කාර් ගෙන්නුවොත් ඔක්කොම හබක් නේද? මේ අයව සතේකට විස්වාස කොරන්න පුළුවන් ජාතියක් නොවෙයි කියලා මේ අවුරුදු 4 දී ඔප්පු කරලා හමාරයි.
ගෙදර ඉඳලා කෝච්චි පාරට මහපාරට ඉක්මනින් එන්න වෙන රටවල වගේ ඇතුලත මාර්ග වල යන සැහැල්ලු බස් රථ සේවයක් පාරවල් වල යොදන්න නියමිත වෙලාවක් එක්කම. බොහෝ විට ප්‍රශ්නේ තියෙන්නේ ගෙදර ඉඳලා බස් එකට එන්න මිනි 20-30 යනවා. බස් එකට එන්නම පැය භාගයක් වෙන්කරනවට වඩා කාර් තියෙන අයට කාර් එකෙන්ම එන එක ලේසි
කුමාරගේ මෝඩ කතාව අහලා මට මතක් වුනේ අලුතින්ම දාපු දුම්රියට ගල් ගහපු ජාතියේ කෙනෙක් වගේ
කොල්ලුපිටිය සහ කඩුවෙල බස් වලට පුදුම තදබදයක්නේ. මේ දුම්රිය කොල්ලුපිටිය හරහා යනවනම් මේ මාර්ග තදබදයට හොදම විසදුම. එහෙම නැත්නම් කැලණි වැලි දුම්රිය මාර්ගය හරියට හැදුවනම් ගොඩම තමයි.
ඩොලර් මිලියන 800 ක වියදමින් මේක කරන්න සැලසුම් කරලා තිබුනේ පසුගිය පිරිස. ගාන වැඩි නිසා මේ අය අපු ගමන් හොද වෙලාවට ඒක අවලංගු කලා. දැන් වසර 5 කට පස්සේ ඩොලර් මිලියන 1850 කට වැඩේ පටන් අරගෙන.
මාර්ග තදබදය අවම කිරීමට කොළඹට මෙවැනි මාර්ග කීපයක්ම අවශ්‍ය වෙනවා.
ඩොලර් මිලියන 1850ක ණය මුදලක් ජපානයේ ජයිකා විසින් පොලිය සියයට දශම එකකි. මේ දක්වා ගත් නය, පොලි අනුපාතය, ගත් වර්ෂය ලිස්ට් එකක් දෙන්න බැරි ඇයි මේ මෝඩ රජයට ? පොලි අනුපාත බලපුවම හිටපු මහදනමුත්තගේ තරම තේරේවි.
හොද ගසා කෑමක්. රුපියල් කොටි 33000 ක්.
මීට දශක ගණනාවක සිටම අපි පාසල් යන කාලයේ පටන් මේ ප්‍රදේශයේ විශාල මාර්ග තදබදයක් තිබෙනවා. පාර්ලිමේන්තු හන්දියේ සිට කොටුවට යන්න විතරක් හුස්ම හිරවෙනතෙක් මිනිස්සු බස් එකේ මග හිරවුන ගමන්. තලවතුගොඩ සිට කොටුවට වැඩට යන්නේ මාතරට හදිස්සි ලෙඩෙක් බලන්න යනවා වාගේ. මොකක් හරි පිලියමක් යොදනකොට හැමෝම සන්තෝෂ කරන්න බැහැ. සමහරුන් නිකන් අර හැම මගුල් ගෙදරම වැරද්දක් පේන වයසක ඇන්ටිලා වගේ .
"මාර්ග තදබදය අවම කිරීමට කොළඹට මෙවැනි මාර්ග කීපයක්ම අවශ්‍ය වෙනවා." ඉතින් ගම්වල ඉන්න ගොයියෝ කාර් අරන් කොළඹ එනවා කියලා කොළඹ ඉන්න මිනිස්සු තමන්ට අයිති පර්චස් 10 -15 ඉඩම් වලින් කොටසක් පාරට දෙන්න කියලද කියන්නේ. මම ඔයටික ප්‍රාදේශීය සභාවෙන් ඇසුවා.
මැදමුලන සංවර්ධන ව්‍යාපෘති ඇරෙන්න මොන ව්‍යාපෘතියත් අරහං . එහෙ කවුරුහරි බත්තරමුල්ල මංසන්දියේ පාරමැද පොදු වැසිකිලියක් හැදුවත් බොහොම හොඳයි.
චීන ණය නොමැතිව ඉතා අඩු පොලියට මෙවැනි ජනතාවාදී ව්‍යපෘති ආරම්භ කිරීම සතුටට කරුණක්, මහින්ද රජයේ මෙන් මේවට මාධ්‍ය සංදර්ශන නැත්තේ ඇයි?
මේ සංවර්ධන ව්‍යාපෘතියක්ද? අවුරුදු 4 ක් හොරකම් කරලා දැන් වැඩක් කරන්න යනවාලු. මහින්ද අවුරුදු 4 කින්, රටේ අවුරුදු 25 තිබ්බ යුද්දය නැවැත්වුවා අවුරුදු 8 කින් ව්‍යාපෘති 45 පමණ කළා. එකට මේ අය. මේ අයට ඇහැරෙන්න අවුරුදු 5 ගියා.