(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

වෙන්නප්පුව උල්හිටියාවේදි තියුණු ආයුධ රැගෙන පැමිණි තිදෙනකු ලක්ෂ 90 ක් පමන වටිනා ශීතාගාර සහිත මාළු ලොරියක් රි පැහැර ගෙන ගොස් ඇති බව වෙන්නප්පුව මුලස්ථාන පොලිසිය කියයි.

උල්හිටියාව වෙරළ තිරයට මසුන් මිළදි ගැනිමට පැමිනි ලොරි රථයක් නවතා තිබියදි එහි රියැදුරුට තියුණු ආයුදවලින් පහරදී මෙසේ පැහැර ගෙන ගොස් ඇති බව වෙන්නප්පුව පොලිසිය කියයි.

අදාල ශීතාගාර සහිත ලොරි රථයෙ රියදුරු වෙන්නප්පුව පොලිසියට පැමිනිලි කර ඇත්තේ තමන් මසුන් මිළදි ගැනිමට උල්හිටියාව වෙරළ තිරයට ගිය බවත් එහිදි මසුන් රැගෙන එන ධීවර යාත්‍රා ප්‍රමාද වීම නිසා රථය පන ගන්වා ඒසී(AC) දමාගෙන ලොරි රථය තුල සිටිය දි ආයුධ රැගෙන පැමිණි තිදෙනකු එකවර ලොරි රථයෙ දොර විවෘත කරමින් තමන්ට පහර දී පිහියකින් ද පහරක් එල්ල කර වාහනයෙන් එලියට ඇද දමා ලොරි රථය පැහැර ගෙන ගිය බවයි.