
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මාළු තොගයක් පටවා ගෙන යමින් සිටි ලොරියක් අද 24 සවස දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 15 බණ්ඩාරගම ප්‍රදේශ ෙය්දී දී පෙරළීමෙන් මාර්ගයේ පුරා මාළු විසිරි වාහන ධාවනයට තරමක බාධාවක් ඇති වූ බව අධිවේගී රථ වාහන පොලීසිය කියයි.
ඒ හේතුවෙන් එක් මංතීරුවක් මීටර් කීපයක් තාවකාලිකව වසා දැමීමට කටයුතු කළ බව පොලිසිය කියයි.
කෙරවලපිටිය සිට මාළු රැගෙන පයාගලට ධාවනය වෙමින් තිබූ ලොරියේ පිටුපස රෝදයක් පිපිරීම හේතුවෙන් රියදුරුගේ පාලනයෙන් තොර වූ ලොරි රථය මාර්ගයේ වටයක් පෙරළි වම්පසට ඇදීගොස් යකඩ වැට මත එහි පිටුපස කොටස රැඳී තිබුණු බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.
අනතුරින් තුවාල ලැබූ රියදුරුට පොලිස් විශේෂ කාර්ය බලකා සෙබළුන් විසින් එම ස්ථානයේදීම ප්‍රතිකාර කෙරිණි.
අනතුරින් ලොරි රථයට සහ අධිවේගී ආරක්ෂිත වැටට අලාභානි සිදු වී ඇත. අධිවේගී රථවාහන කොට්ඨාසයෙ ගැලණිගම පොලිසියේ වැඩබලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ගමගේමහතාගේ උපදෙස් මත උප පොලිස් පරීක්ෂක චන්දන පොලිස් සැරයන් 41101 සිරිවර්ධන 70729 වීරතුංග මහත්වරු පරීක්ෂණ පවත්වති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd