(සුජිත් හේවාජුලිගේ )

ඩෙංගු රෝගීන්  8205 දෙනකු මුළු දිවයිනෙන්ම  මේ වසරේ  මේ දක්වා ( අද 4 වැනිදා තෙක්)  වාර්තාවී ඇතැයි ජාතික ඩෙංගු පාලන ඒකකය පවසයි.

ඩෙංගු රෝගීන් 7702 ක් පසුගිය ජනවාරි මාසයේදී  වාර්තාවී ඇති අතර මේ මාසයේ මේ දක්වා වාර්තාවී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 503කි.

මුළු දිවයිනෙන්ම වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. එම සංඛ්‍යාව 2030කි.

කොළඹ මහ නගර සීමාවෙන් පමණක් ඩෙංගු රෝගීන් 664 දෙනකු වාර්තාවී ඇත.

ඊට පසු ඩෙංගු රෝගීන් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් බව ජාතික ඩෙංගු පාලන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසීය. ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව  1555කි.

ඊට පසු  කළුතර දිස්ත්‍රික්කයෙන් රෝගීන්  644  දෙනකුද කුරුණෑගල දිස්ත්‍රික්කයෙන්  රෝගීන් පන්සිය විසි දෙදෙනෙකුද   පුත්තලම දිස්ත්‍රික්කයෙන් රෝගීන් 521 දෙනකුද