(අංජුල මහික වීරරත්න)

මහවැලි නිම්නයේ ඉහළ පිහිටි ජලාශ වලින් නිකුත් කරනු ලබන ජලය හේතුවෙන් අද (18) පස්වරු 6 සිට පැය 24 ක කාලයේ මහවැලි ගඟට ආසන්න පහත් බිමවල සුළු ගංවතුර තත්ත්වයන් ඇති වීමේ හැකියාව පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරයි.

ඒ අනුව කින්නියා, මුතූර්, කන්තලේ, සේරුවිල, වැලිකන්ද, ලංකාපුර, තමන්කඩුව සහ දිඹුලාගල ප්‍රාදේශීය කොට්ඨාශ වලට අයත් මහවැලි ගඟ ආශ්‍රිත පහත් ප්‍රදේශ, මඩකළපුව - පොළොන්නරුව මාර්ගය, ගල්ලෑල්ල ප්‍රදේශයෙන්ද, සෝමාවතී රජ මහා විහාරයට යන ප්‍රවේශ මාර්ගය සහ සෝමාවතී රජමහා විහාරය අවට ප්‍රදේශය ද ගංවතුරෙන් යට වීමේ අවදානමක් ද පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව දන්වා ඇත.

එබැවින් ඉදිරි දින කිහිපය පසුවන තෙක්, සෝමාවතී රජමහා විහාරය වෙත ගමන් කරන බැතිමතුන්ද, එම ප්‍රදේශ වල මහවැලි ගඟට ආසන්නව වාසය කරන මහ ජනතාව ඒ සම්බන්ධයෙන් දැඩි විමසිල් පසුවන ලෙසත් ඇති විය හැකි ගං වතුර තත්ත්වයකින් ආරක්ෂා වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දන්වා සිටී.