(මහියංගණය - රංජිත් කරුණාවීර)
රංටැඹේ ජලාශයට පහළින් මහවැලි ගඟ පරිහරණය කරන පිරිස් අද (20) සිට මහවැලි ගඟ පරිහරණයේදී ප්‍රවේශම් වන ලෙසත් රංටැඹේ ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කිරීමෙන් තප්පරයට ඝණ අඩි 300ක ප්‍රමාණයක් මහවැලි ගඟට මුදාහැරීම හේතුවෙන් මහවැලි ගඟේ ජල මට්ටම සීඝ්‍රයෙන් ඉහළ යා හැකි බවත් ගඟ දෙපස හා මහවැලි ගඟ පරිහරණය කරන ජනතාවට විමසිල්ලෙන් පසුවන ලෙස රංදෙණිගල හා රංටැඹේ ජලාශයේ කාර්යභාර ඉංජිනේරු ඩී.එම්. ධර්මදාස මහතා දන්වා සිටියි.
පවතින අධික වර්ෂාව සමඟ බණ්ඩාරවෙල හා බදුල්ල ප්‍රදේශයට ලැබෙන අධික වර්ෂාපතනය සමග උමාඔයේ සීඝ්‍ර ජය මට්ටම ඉහළ යෑමත්, ඒ හේතුවෙන් අධික ලෙස රංටැඹේ ජලාශයට විශාල ජලධාරිතාවයක් එක්රැස්වීම හේතුවෙන්, ජලාශයේ ජල මට්ටම් පාලනය කිරිම සදහා රංටැඹේ ජලාශයේ වාන් දොරටු හදිසියේ විවෘත කිරිමට සිදුවන හෙයින් ජලාශයට පහලින් මිනිපේ, මහියංගණ හා ත්‍රිකුණාමලය දක්වා මහවැලි ගඟ පරිහරණය කරන ජනතාව දැඩි අවධානයෙන් පසුවන ලෙසට කාර්යභාර ඉංජිනේරු ඩී.එම්. ධර්මදාස මහතා දන්වා සිටියි.
එලෙසම රංදෙණිගල ජලාශයද සීඝ්‍රයෙන් ජල මට්ටම ඉහළ යමින් පවතින බවත් වාන් මට්ටමට මීටර් 02ක් පහළින් ජලය මේ වනවිට පවතින බවත් ඉදිරි දින 2-3 තුළදී වාන් මට්ටම දක්වා රංදෙණිගල ජලාශයේ ජලමට්ටමද ඉහළ යාහැකි බවත්, එසේ වුවහොත් රංදෙණිගල ජලාශයට වාන් දොරටු විවෘත කිරීමට සිදුවන බව ධර්මදාස මහතා වැඩිදුරටත් පවසයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ආණ්ඩුවේ කරුමේ තමයි.. ආව දවස ඉඳලා වහිනවා.
වැස්ස වැඩිපුර ලැබුණාම ආර්ථිකය ශක්තිමත් වෙනවා කියලා හිටපු ජනපති කෙනෙක් කිව්වේ..
මට කියන්න තියෙන්නේ මෙච්චරයි. කාගේ ආණ්ඩුව තිබුණත්, කවුරු රටේ ජනාධිපති වුණත් කොහොමද කියන්නේ මේක ජනාධිපතිතුමාගේ වැඩක් කියලා.. එතුමට බැහැ කළගුණය අනුව තියන වැස්ස නතර කරන්න. කාගෙ ආණ්ඩුවවත් රටට වෙන දෙයක් තියෙනවා නම් ඒක වෙනවා. ඒක ආණ්ඩුවේ වරදක් නෙවෙයි.