
(නිමල් ජයරත්න)
ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ මහවැලි ආරක්ෂක අංශයේ සහකාර අධ්‍යක්ෂවරයකු 2022 ජනවාරි සිට දෙසැම්බර් දක්වා රාජකාරි කළ වාහනය වෙනුවෙන් නිකුත් කරන ඉන්ධන ප්‍රමාණයට වඩා රුපියල් දස ලක්ෂ හැට තුන්දාස් නමසිය අසූ අටක ඉන්ධන තොගයක් භාවිතා කර, අධිකාරියට සිදුකර ඇති මූල්‍යමය අලාභය අභ්‍යන්තර විගණනයකින් හෙළි වී තිබියදි පරිවාස කාලය අවසන් වීමෙන් පසු ඔහුගේ සේවය ස්ථිර කරන බවට, ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ගෙන ඇති තීරණයට මහවැලි ආරක්ෂක නිලධාරීහු දැඩි විරෝධයක් එල්ල කරති.
2023 මාර්තු 23 වෙනිදා සිදු කරන ලද විගණන විමසුම් වාර්තාවට අදාළව කරන ලද මූලික විමර්ශන වාර්තාවට අනුව ඔහු එම කාලය තුළන් ශ්‍රී ලංකා මහවැලි අධිකාරියෙන් නිල රථයට ලබාදෙන ඉන්ධනවලට අමතරව රුපියල් දස ලක්ෂ හැට තුන්දාස් නවසිය අසූ අටක ඉන්ධන තොගයක් භාවිතා කර ඇති බවට හෙළිදරව් වී තිබේ.
මේ සම්බන්ධව 2025 මැයි 23 වෙනිදා පැවැති පොදු ව්‍යාපාර කාරක සභා වාර්තාවේදී කරුණු අනාවරණය වී තිබියදි ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ, එච්.එම්.ජේ.කේ. හේරත් මහතා විසින්, අදාළ මහවැලි ආරක්ෂක බළකායේ සහකාර අධ්‍යක්ෂවරයා අවභාවිතා කර ඇති මුදල් වලින් අඩක් ගෙවන ලෙසට ලිඛිතව දැනුම් දීමක්ද කර තිබිම හාස්‍යයට කරුණක් බවද මහවැලි ආරක්ෂක නිලධාරීහු පෙන්වා දෙති.
COMMENTS
අපේ ගෝලයන්ගේ වැඩ. කාටද ආඩම්බර! !
එහෙනම් ආයේ කතා දෙකක් නෑ මහවැලි අධිකාරියේ අධීක්ෂණය හැම වංචා වලට හවුල් ඇති... නැතිනම් මොකද භාගයක් ගෙවන්න කියන්නේ ඔවුන් දෙන්නාවම මහවැලියෙන් ගහලා පන්නන්න කියන්න
අභ්‍යන්තර විගණනයකින් වෙන්නේ මෙන්න මෙහෙම දෙයක් නිරීක්ෂණය වෙලා කියන එක. එහෙම නැතුව ඒක විනය පරීක්ෂණයක් නොවේ. සේවකයාට එරෙහිව විනය පරීක්ෂණයක් නැත්නම්/චෝදනා පත්‍රයක් නිකුත් කරලා නැත්නම් සේවය තහවුරු කිරීමට තියෙන බාධාව මොකක්ද? අදාළ රථය නිලධාරියාට නිල වශයෙන් දීලා නම්, ඉන්ධන සීමාව ඉක්මවා රාජකාරී වැඩ වලට ගිහින් නම් අදාළ අමාත්‍යංශයෙන් හේතු කියලා අනුමැතිය ඉල්ලන්න පුළුවන්...