
(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි
මහරගම නගර මධ්‍යයේ පිහිටි ,නගර සභාවට අයත් භූමියක ,අනවසරයෙන් වෙළඳාමේ නිරත වෙළඳුන්ගේ, වෙළඳ කුටි, මහරගම නගර සභාව මගින් ඉවත් කිරීමට යාමේදී නගර සභා සේවකයින් හා වෙළඳුන් අතර උණුසුම් තත්වයක් ඇතිවිය.
පසුව එම තත්ත්වය පාලනය කිරීම සඳහා පොලීසිය මැදිහත් වීමත් සමඟ මහරගම නගර සභාවේ නගරාධිපති ටිරාජ් ලක්රුවන් මහතා හා පොලිසිය අතර ද උණුසුම් තත්ත්වයක් හටගැණිනි.
මෙම අවස්ථාවේ දී මහරගම පැරණි බස් නැවතුම්පල භූමියේ ඉදිකර තිබූ අනවසර වෙළඳසැල් නගර සභාවේ බැකෝ යන්ත්‍ර , ලොරි රථ හා එහි සේවකයින් යොදවා ඉවත් කිරීමට නගරාධිපති ටිරාජ් ලක්රුවන් මහතා පියවර ගැනීමත් සමග ඒ පිළිබඳව පූර්ව දැනුම් දීමක් සිදු නොකළේ යැයි පවසමින් වෙළඳුන් නගර සභා සේවකයින්ට විරෝධතාවය පළ කෙරිණි.
එහෙත් එම විරෝධතාව නොතකා පැරණි බස් නැවතුම්පල භූමියේ තිබූ අනවසර වෙළඳ කුටි ඊයේ (13) මධ්‍යම රාත්‍රීයේ ඉවත් කිරීමට පියවර ගත් අතර එහි පැමිණ සිටි ඇතැම් වෙළෙදුන් සිය වෙළෙඳ කුටි ඉවතට රැගෙන යන අයුරු දක්නට ලැබුණි.
ඉන් පසුව පැරණි බස් නැවතුම්පල භූමියට යාබදව පිහිටි නගර සභාවට අයත් 35 ඉඩමේ ඉදිකර ඇති අනවසර වෙළඳසැල් ද කඩා ඉවත් කිරීමට නගර සභා සේවකයින් සැරසෙනවාත් සමඟම එහි වෙළදාමේ නිරත සියයකට අධික වෙලෙදුන් තම වෙළඳ සැල් ආරක්ෂා කරමින් එහි රැඳී සිටිනු දක්නට ලැබුණි.
පසුව මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා නුගේගොඩ කොට්ඨාසය යටතේ පාලනය වන පොලිස් ස්ථාන හයකින් නිලධාරීන් සියයකට අධික පිරිසක් ද ,කැරලි මර්දන නිලධාරීන් හා ජල ප්‍රහාරක බවුසර්ද කැඳවීම ට සිදු වූ බව එහි සිටි ජේෂ්ඨ පොලිස් නිලධාරියෙකු පැවැසීය.
මෙම අවස්ථාවේදී උද්ගතවෙමින් තිබූ තත්ත්වය පාලනය කිරීම සඳහා නුගේගොඩ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නුවන් අසංක මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් නගරාධිපති වරයා සමග අවස්ථා කිහිපයකදී සාකච්ඡා කළ ද එය ව්‍යාර්ථ වු අතර වෙළඳුන් ද එහි රැඳී සිටිනු දක්නට ලැබුණි .
මේ තත්ත්වය මත දෙපාර්ශ්වය අතර ආරවුලක් ඇති විය හැකි බැවින්, නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නුවන් අසංක මහතා දෙපාර්ශවයම අමතා පවසා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කරන බවත් ඉන් ලැබෙන නියෝගය අනුව ඉදිරියේදී දෙපාර්ශයම කටයුතු කරනා ලෙසයි.
ඊට නගරාධිපතිවරයා හා වෙළඳුන් කැමැත්ත පළ කිරීමත් සමග දෙපාර්ශවය එම ස්ථානයෙන් පිටව ගිය අතර පසුව එම ස්ථානයට පොලිස් ආරක්ෂාව සැපයීමට පියවර ගෙන තිබුණි .




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් කොහොමද මහරගම පොහොට්ටුවට ඡන්දය දුන් අයට ලොකු ගාණකින් නේ පොහොට්ටුවට දිනලා දුන්නේ... දැන් සැපද? කඩ කඩනවද?
මේවා තව දුරදිග යන්න ඉස්සෙල්ලා දැන්ම ඉවත් කරන්න ඕනෑ. අම්මගේ, අප්පගේ බූදලයක්ද?
හිනා තමයි !! මට තවම මතකයි, ඔතන බිස්නස් කරන සෙට් එක ඔක්කොම එකතුවෙලා දවස් ගණනක් එකදිගට පාටි දදා නට නට හිටිය ගෝඨා සර් ජනාධිපතිවරණයෙන් දිනුවා කියලා
සර්ට ඕනෑ ක්ලීන් සිටි එකක්. කලු කණ්ණාඩි දාලා පොර වගේ යන්න...
මහරගම ඉන්න නගරාධිපති සර් කෙනෙක් නේද? පොඩි සර්ගේ වැඩ මරු.. ලොකු සර් වගේමයි...
පොඩි සර් වැඩ පටන් අරන්.. තාලෙට සිංදුව කියලා කිරිබත් කෑවා නම් සනීප වෙයි.
අද අප රටේ අනවසර ඉදිකිරීම් කර ඇත්තේ ඒ ඒ දේශපාලුවන්ගේ ආශිර්වාදයෙන් බව නොරහසකි. කිසිදු දේශපාලන පක්ෂවල එකදු අයෙකුට කීමට බැහැ. අනේ අපේ ගොට්ටන් ඒ නරක වැඩ නොකරන බවට ඒ අය බලයට ආ විගස පෙට්ටිකඩ හදා ගන්නවා. මෙයයි යතාර්ථය...
මේ ගොල්ලෝ අනවසර ඉදිකිරීම් කරනකම් නගර සභාව මොකද කලේ? සන්තෝසම් වලින් යට වුණානේද?