(ටෝනි කරුණානායක)
 
මහර බන්ධනාගාරය තුළ කලහකාරී ලෙස හැසිරුණු රැඳවියන් 60 දෙනා පෙබරවාරි 1 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට ගම්පහ අංක  02 දිසා විනිසුරු රවින්ද්‍ර රංජන් බංඩාර මහතා අද (19) නියම කළේය.
 
මහර බන්ධනාගාරය තුළ රිමාන්ඩ් සිරකරුවෙකු ලෙස රදවා සිටියදී එසේ රදවා සිටින ලද සිරමැදිරිය තුලින් බන්ධනාගාර නිලධාරීන්ගේ අවසර නොමැතිව පිටතට පැමිණීම,බන්ධනාගාරය තුළ කැරලි ගැසීම,බන්ධනාගාර දේපොළ වලට හානි කිරිම,නීත්‍යානුකූල අත් අඩංගුවෙන් මිදි පැන යාමට තැත් කිරීම ඇතුළු තවත් චෝදනා සම්බන්ධයෙන් මොවුනට එරෙහිව නඩු පවරා තිබිණි.
 
ඉහත චෝදනා ඇතුළු තවත් චෝදනා සම්බන්ධයෙන් බන්ධනාගාර ආඥා පනතේ 70 වන වගන්තිය යටතේ ඇති තවත් ආඥා වන් යටතේ බන්ධනාගාරය මගින් සැකකාර රැදවියන් 60 දෙනෙකු ට ගම්පහ දිසා අධිකරණය හමුවේ නඩු පවරා ඇති අතර එම නඩු 60 අදාල සැකකාර රැදවියන් 60දෙනා බන්ධනාගාරය මගින් පවතින කොවිඩි 19 වසංගත තත්වය හේතුවෙන් අධිකරණය හමුවට ඉදිරිපත් කර නොතිබිණි .