(නිමල කොඩිතුවක්කු)
ඉදිරි මහමැතිවරණයේ ජයග්‍රහණය වෙනුවෙන් රනිල්, සජිත්, කරූ එකට සිටගත යුතු බව හිටපු සභානායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවැසීය.
ආණ්ඩුවේ දුර්වලතාවලින් ප්‍රයෝජන ගෙන ඉදිරි මහමැතිවරණය ජයග්‍රහණය වෙනුවෙන් ශක්තිමත් යාන්ත්‍රණයක් සකස් කිරීමට මෙම නායකයන් එක්ව කටයුතු කළ යුතුව ඇතැයිද කිරිඇල්ල මහතා සඳහන් කළේය.
සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ අද (22) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
තනතුරු පස්සේ එලවන්න ගියොත් පක්ෂයට ගමනක් නොමැති බවත් පැවසූ කිරිඇල්ල මහතා ඉදිරි මැතිවරණය ඉලක්ක කරගනිමින් සියලු නායකයින් සමගියෙන් කටයුතු කළ යුතු බවත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක අතකින් ඇත්ත තමයි ඕන. ඕනදෙයක් කියන්න පුළුවන් කියලා දියවන්නා ගාලේ කෙනෙක් කාලෙකට පෙර කිව්වා මතකයි යාන්තමට.
රන්ජන් රාමනායක විසින් විපක්ෂයට ලබාදිතිබෙන්නාවූ සියලු හෙළිදරවු , හඬ පට සහ ආණ්ඩුවේ දුර්වලතාවන ජනතාව අතරට ගෙන ගොස් ජනමතයක් සැදීමට විපක්ෂයට පෙර නොවූවිරු අවස්ථාවක් උදා වී ඇත. රන්ජන්ව වේචනය නොකර ඔහු හෙළිකර ඇති කරුණු වලින් ජනතවා ඉදිරියේ සත්‍ය හෙළිකොට ඉදිරි මහමැතිවරණය ජයග්‍රහණය කිරීමට කට යුතු කල යුතුවේ. පක්ෂය තුල කරන්නාවූ විවේචන වහාම නවත්වා රජය විවේචනයට සුදානම් වීම පමණක් නොව නායකත්වය පිලිබදව මාධ්‍ය ප්‍රශ්න නගද්දී පක්ෂයේ නායකයා රනිල් බවත් අවශ්‍ය වෙලාවට නායකත්වය වෙනස් වන බවත් ඍජු පිළිතුරක් සජිත් විසින් මාධ්‍යට දිය යුතුය. ඉදිරියේදී නායකත්වය පිලිබදව ප්‍රශ්න නොඅසන්න පිළිතුරක් දෙන්න වගබලා ගතයුතුය.
මා ළඟක නොව දුරක හිටියත් යුඑන්පියට ආදරෙයි.
රටේ මෙතරම් දැවෙන ප්‍රශ්න තිබියදී එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය පිළිබදවම ප්‍රශ්න කරන්නාවූ ජනමාධ්‍යට නිසි පිළිතුරක් දීමට එක්සත් ජාතික පක්ෂයේ කිසිවකු නොමැතිද ?
හොඳයි. ඒත් තනතුර දාලා යන්නේ නැතිව වෙනකෙනෙකුට දෙන්නෙත් නැතිව අල්ලාගෙන ඉන්නේ රනිල්. අවුරුදු 26ක් පුරාවට පරාදයි.
ලක්ෂ්මන් කිරිඇල්ල මහතාණෙනි, ඔබට මේ අවස්ථාවේ පක්ෂ නායකත්වයට තණ්හාවක් නැති නිසා ඔය කතාව කිවියහැක. නමුත් මේ අනික් තුන්දෙනාම ගැන එසේ කිය හැකිද? එක්කෙකෙනෙක් දැන් තිබෙන නායකකම රකින්න දඟලනකොට තව එක්කෙනෙක් ඔටුන්න උදුරන්න දඟලනවා. අනිත් එක්කෙනා හීන් නුලේ 'මේ දෙන්නටම වැරදුනාම මට, මගෙන් පස්සේ මගේ බෑනට' මන්තරේ ජපකරනවා.
මේ ඔලුතුනම එකට තියමු
ජනාදිපතිවරනයෙදීත් එකට හිටගත්තානේ ද ? ආයෙමත් හිටගන්නද යන්නේ
මොන විදියට හිට ගත්තත්, ලගකදී ආයෙමත් ගොඩ එන්නේ නම් නැහැ.
'එකට හිට ගන්න - පෝලිමට ගෙදර යන්න'
ඒක තමා දැන් කරන්න තියෙන්නේ?.
ඕන හරකෙකුට යුද්ධ කරන්න පුළුවන් කියපු පණ්ඩිතය නේද මේ ?? හරක් දෙන්නෙක් ව දාගෙන පක්ෂේ ඇතුලේ තියෙන නායකත්ව යුද්ධේ ඉවර කර ගන්නකො රටට පේන්නත් එක්ක ...
ඒ කියන්නේ ජනතාවට අගමැතිලා 3 දෙනෙක් නඩත්තු කලයුතුයි කියලද?
කනවනම් පරිප්පු බෙදාගෙන කෑවනම් තමයි රස වැඩි.
දුර්වල නායකත්වයක් ඇතිකරගැනීමට වලිකන සමහරු හිතන්නේ තමන්ට එවන් නායකයෙකු සමග වැජඹිය හැකිබවයි.
කාගේ කාගේත් ඩීල්වැඩ දැන් පක්ෂයේ සාමාජිකයින් දන්නවා. යහපාලන කාලේ ඒ ගොල්ලෝ තමුන්ට වැඩ කරගෙන තියෙන හැටිත් දැන් කවුරුත් දන්නවා. හොරුන්, දුෂිතයින්, මිනීමරුවන් මංකොල්ලකාරයන් රැකගෙන ආරක්ෂා කරගෙන තියෙන හැටි දැන් කවුරුත් දන්නවා. පාක්ෂිකයින්ට පෙනෙන්නට ගෝරි දාගත්තාට දොරවල් වහගෙන එය එක්ක කරන දේ අපි නොදන්නවා නොවේ. මේ කියන සත්‍යය දැන්වත් වටහා ගත්තොත් ලොකුදෙයක්....