(එෆ්.අස්ලම්)
ඉදිරි පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා තමන් තරග නොකරන බවට දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්බන්ධන් මහතා දෙමළ ජාතික සන්ධාන සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ දී අවධාරණය කර තිබේ.
දෙමළ ජාතික සන්ධාන පක්ෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීම එම සන්ධානය නියෝජනය කරන ඉලංකයි තමිල් අරසු කච්චි, ප්ලොට් හා ටෙලෝ යන පක්ෂ ත්‍රිත්වයේ නායකයින් ඇතුළු ජ්‍යෙෂ්ඨයින්ගේ ප්‍රධානත්වයෙන් යාපනය ඉලංගයි තමිල් අරසු කච්චි පක්ෂ කාර්යාලයේ දී (17) පැවැත්විණි.
උගත් තරුණයකු පාර්ලිමේන්තු මහ මැතිවරණයට ඉදිරිපත් කරන බවද සම්බන්ධන් මහතා මෙහිදී අවධාරණය කර සිටි බව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සඳහන් කළේය.
දෙමළ ජාතික සන්ධානය දේශපාලන පක්ෂයක් බවට ලියාපදිංචි කිරීම, ඉදිරි මැතිවරණයට මුහුණ දීම සහ සන්ධානයේ පක්ෂ අතර ආසන බෙදා ගැනීම පිළිබඳ මෙහිදී සාකච්ඡා වූ බවත් තවදුරටත් ඒ ගැන සාකච්ඡා කිරීම සඳහා දෙමළ ජාතික සන්ධාන සම්බන්ධීකරණ කමිටුව ලබන 27 වැනිදා යාපනයේ දී යළි රැස්වීමට නියමිත බවද එම මන්ත්‍රීවරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොච්චර හොඳද මේ තීරණය..? මීට අවුරුදු 50 කට ඉස්සෙල්ලා අරගෙන, උතුරේ ජාතිවාදී දේශපාලනය තුළින්, TULF සහ ඉන්දියානු ඉන්දිරා ගාන්ධි රජයේ අනුග්‍රහයෙන් වර්ධනය වූ LTTE (නොහොත් "Our Boys " නාමයෙන් හඳුන්වපු) නම් වූ ත්‍රස්තවාදී ව්‍යාපාරය තුළින්, ශ්‍රී ලංකාව වසර 30ක් ප්‍රපාතයකට ගෙනයමින්, උතුරේත්, දකුණේත් වටිනා ජීවිත 100,000 කට නැති කිරීමට ඔබතුමා දායක නොවුනේ නම්. ඒ ක්‍රියාවට ඔබතුමාට වඩා දායක වූ, අමෘතලිංගම්/ සිවසිත්තරම්පරම් වැන්නෝ LTTE විසින්ම නැති කළොය. වර්තමානයේදීවත්, වක්‍රව සිදුවන "හිංසන" දේශපාලනයෙන් ඉවත්වන ලෙස, ඔබ පක්ෂයේ සුමන්තිරන් ඇතුළු අනිකුත් අයට, මේ ඔබතුමාගේ සැඳෑ සමයේ දියහැකි ලොකුම අවවාදයකි. නැවතත් අවුරුදු 50ක, ඔබගේ දේශපාලන ජීවිතයෙන් රටට හෝ, ඔබ නියෝජනය කරණා පළාතට කල 1%ක සේවය කුමක්දැයි හිතන්න. ඒ නොහැකි වූ සේවය, ඉදිරියේදීවත් සිදුවන්න නම්, ඔබතුමා, TNA යට අනුබද්ද ප්රාථිමිකයින්ට දියහැකි අවවාදය නම් "රටක් ගැන හිතන්න - පළාතක් - ජාතියක් ගැන නොසිතන්න" යන්න පමණි. එවිට, ඔබ යම් දෙයක් කළා යයි ශ්‍රී ලාංකිකයෝ ඔබට ගෞරව කරනු ඇත.
ඔබත්, ජෝනුත් විශ්‍රාම ගියාට, අර රනිල්ට තව කාලය තියනවා විශ්‍රාම යන්න. එයා 2035 රට සංවර්ධනය කරනවලු...
අනේ මේ රස්සාවට වයස් සීමාවක්, අධ්‍යාපන සුදුසුකමක් නියම කරන්න තවම බැරි වුණානේ. ඕනෑම ගොනෙකුට දේශපාලනය කරන්න පුළුවන් මේ රටේ...
අැයි ඉල්ලීම් 13 දෙන්න කෙනෙක් නැද්ද?