
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
මෙවැනි විපක්ෂ නායකවරයෙක් ලැබීම ගැන ආණ්ඩු පක්ෂය ලෙස සතුටු වෙන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
"අද කතා කෙරෙන්නේ රටට ඉතා වැදගත් අණ පනත් ගැනයි.නමුත් විපක්ෂ නායකතුමා මේ පනත් තුන ගැන එක වචනයක් කතා කළාද?ටෙස් මැච් එකක් වගේ බන්ධනාගාර ගැනම කතා කරනවා.වචන තිබුණ පලියට කතා කරන එකෙයි විෂය බද්ධ කාරණා ගැන කතා කරන එකෙයි වෙනසක් තියෙනවා.විපක්ෂ නායකතුමාගේ කතාවේ කිසිම බරක් අපට පේන්නෙ නෑ.අද සාකච්ඡා කරන්නේ රටේ දේශපාලන සංස්කෘතිය ශුද්ධ පවිත්‍ර කිරීමේ මූලික පනත් කිහිපයක් ගැන.අපේ රට පසුගිය දශක කිහිපයේ ජාත්‍යන්තර අප්‍රසාදයකට ලක්වුනා නම් අද ඉදිරිපත් කෙරෙන්නේ ඒ අප්‍රසාදයෙන් රට ගලවා ගන්නා අණ පනත් බව කිව යුතුයි.එවන් තත්ත්වයක් යටතේ විපක්ෂ නායකතුමා කතා කරන්නේ යන්නේ කොහෙද මල්ලේ පොල් ජාතියේ කතා යනුවෙන්ද විපක්ෂ නායකවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විමලෙගෙත් හොරකම් චෝදනා ඔප්පුවෙලා. බුද්ධිමය දේපල හොරකම් කරල. බයියන්ගේ බංකොළොත්බව, චින්තන දුප්පත්කම පෙන්වන තවත් එක් සොඳුරු අවස්ථාවක්.
තමා සේ වාචාල නොකියන එකද නෝන්ජල් ? මූන් දැක්කම මොලේ තරම පේනවා .;
හිරගෙදර ඇතුළේ මිනිස්සු මරාගන්නවා, ඊට පස්සේ ‘White Paper තුන ගැන කතා කරන්න’ කියලා සජිත්න් ඉල්ලනවා. මේක බොරු මාරු කිරීමක්. ජනතාවට ඕනේ Negombo prison murder එකට පිළිතුරු. White Papers ගැනත් කතා කරමු, නමුත් ඝාතනය වහගන්න විපක්ෂ නායකට වෙන මාතෘකා කතා කරන්න කියලා මෝඩ කතා කියන්න එපා. ඔබ දූෂිත බව වචනයෙන්ම පේනවා. වහාම විපක්ෂ නායකට එයා කරන කතාව කරන්න දෙන්න. ඔයා හොයන්න ඔයාට වදින චෝදනා ඉවසගෙන ඉදිරියට කළ යුතු දේ. අඩු ගානේ පොඩි ව්යාපරයක්වත් කරලා නැති ඔයාලා කොහොමච රටක් පාලනය කරන්නේ. කයිය විතරයි. මුහුණුපොතෙන් රට පාලනය කරන්න යනවාට මෝඩ කමේ තරම තමා. විරුද්ධ පක්ෂය ඉන්නේ ඔයාලට විරුද්ධ වෙන්න. ප්රජාතන්ත්රවාදය තුළ එක පැත්තකට බලය වැඩි වුනාම හැමදාම හැමතැනම අසාර්ථකයි. විපක්ෂය ඔබට කරන්නේ හොදක් මෝඩ මනුස්සයෝ. දැන්වත් ඒක තේරුම් ගන්න. තර්ක විතර්ක වලින් රටක් පාලනය කරන්න බෑ. වැඩ කරන්න. එතකොට කටවල් වැහෙනවා.